ව්‍යාජ ලෙස P.C.R වාර්තා සකස්කර මුදල් වලට අලෙවි කිරීම සිදුකරන ලැබු පුද්ගලයින් තිදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් උතුර කලාපය භාරව කටයුතු කරන
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස්
පරික්ෂක එච්.එම්.වි.ජි.ටි. බංඩාර ඇතුළු නිලධාරී කණ්ඩායමක් (23) කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ, පෝරතොට මස්කඩේ අසල දී වැටලීමක් සිදුකර
එහි දී විදේශ
ගතවන පුද්ගලයන්ට ව්‍යාජ ලෙස P.C.R වාර්තා සකස්කර මුදල් වලට අලෙවි කිරීම සිදුකරනු ලැබු කොච්චිකඩේ සහ රද්දොළුගම ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 21 ත් 37 ත්
අතර පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රද්දොළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙහිදි පරිගණක යන්ත්‍ර01ක්,ජංගම දුරකථන 05ක්,පෙන් ඩ්‍රයිව් 02ක් හා ව්‍යාජ P.C.R වාර්තා 17 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන දෛනික වැටලීම්වලදී ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟතබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මෙහෙයුම් 111හි නිලධාරි පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. නුවරඑළිය කඳවුරේ නිලධාරී පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම නුවර එළිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි පිරිසක් වැටලීම් තුනක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් ළඟ තබාගෙන සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයන වෙත භාරදී ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සිරකරුවකු කලිසමේ වාටියේ මුදල් සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුරට විමර්ශන සඳහා අදාල ජේලර් වෙත භාරදී තිබේ. කොළඹ රීමාන්ඩ් බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් සිරකරුවෙකු හෙරොයින් යට ඇඳුමේ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අදාල ජේලර් වෙත භාරදි ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී නීති විරෝධි ගෝඩා ළඟ තබා සිටි දෙදනකු අත්අඩංගුවට ගෙ න වැඩිදුර විමර්ශන සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. එම කඳවුරේ නිලධාරි පිරිසක් ඉකුත් යුද සමයේ භාවිතා කරනු ලැබු බවට සැකකරන ලද කාලතුවක්කු උණ්ඩ කොටසක් සොයාගෙන ඇති අතර (24) විනාශ කිරීම සඳහා වාලච්චේන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ. උඩවලව නිලධාරි පිරිසක් නීති විරෝධි ගෝඩා සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා සූරියකන්ද පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.