23.2 C
Sri Lanka
Sunday, June 29, 2025
Homeදේශීය පුවත්අපි ලබාදෙන තීරණ ක්‍රියාත්මක වෙන්න යම් ප්‍රමාදයක් තියෙනවා

අපි ලබාදෙන තීරණ ක්‍රියාත්මක වෙන්න යම් ප්‍රමාදයක් තියෙනවා

අපි ලබාදෙන තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්න යම් ප්‍රමාදයක්වන බව පෙනෙන්නට තියෙනවා. එය නවත්වාගෙන අපි හැමෝම අපේ වගකීම් ඉටු නොකොළොත් ඉදිරි මාස දෙක තුල ඉහල මරණ සංඛ්‍යාවක් කොවිඩ් 19 වසංගතය  නිසා සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.                                 

ඒ මහතා අද(26) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය...මෙරට වාර්තාවු කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත රෝගීන් වැඩිපුර වාර්තාවන්නේ සමාජයෙන්ය. දැනට තිබෙන තත්ත්වය අනුව ලංකාවේ බරපතල තත්ත්වයක් කරා යෑමට තිබෙන ඉඩකඩ තියෙන්නේ. 
අපි යම් තරමකින් සැනසුම් සුසුම් හෙළමින් සිටියා අපේ මරණ  සංඛ්‍යාව අඩුයි කියලා. නමුත් ඉකුත් දින කිහිපය තුල මරණ තුනක් වාර්තාවුණා. මේක සමාජ ව්‍යාපතියක් කරා ගියොත් අපේ තත්ත්වය උඩු යටිකුරු වෙනවා. ඉදිරියටත් මේ අරගෙන තිබෙන ක්‍රියාමාර්ගනනම් ගන්නේ අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. මෙහෙම ගියොත් ඉදිරි මාස දෙක තුල ඉහල මරණ ගණනක් බලාපොරොත්තු වෙන්න වෙනවා. අපි අද දවසේ නිවැරැදි තීරණ ගත්තේ නැත්නම්. පැහැදිලිවම අපි යමක් කිව්වට පස්සේ ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්න කාලයක් ගත වෙනවා. මේ ප්‍රමාදය රට තුල යම් බරපතල තත්ත්වයක් ඇති කිරීමට හේතුවෙනවා. වාර්තාවු යම් සිද්ධිත් සමග යම් ඉහල මරණ ගණනක් අපේ රට තුලත් වාර්තාවීමට නියමිතයි. අපි හැමෝම අපේ වගකීම් ඉටු කළේ නැත්නම්. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments