23 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්හැටන් නගරය හුදෙකලා කරයි : ආසාදිතයින් 10 දෙනෙක් හමුවෙයි

හැටන් නගරය හුදෙකලා කරයි : ආසාදිතයින් 10 දෙනෙක් හමුවෙයි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන්, දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මිට පෙර සඳහන් කළා.

පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් රැගෙනවිත් හැටන් මහජනපොලේ මසුන් අලෙවි කල වෙළඳෙකු හට පළමුව කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට පොලොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගල්ලැල්ල යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ කරා රැගෙන ගොස් ඇත.

එම වෙලෙන්දාගේ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයින් ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙකුට සහ හැටන් මහජන වෙලදපොලේ ව්‍යාපාරිකයින් 05 දෙනෙකුට සහ මාළු ව්‍යාපාරිකයාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති රෝගින් සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරිමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත.

හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද අද (27) දිනයේදී වසා දැමිමට එම නගර වල වෙලඳ සංගම් තිරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments