30.2 C
Sri Lanka
Monday, May 12, 2025
HomeTOPVTA එකට නැවතත් තුහින වැටෙයි.

VTA එකට නැවතත් තුහින වැටෙයි.

තුහින 2021බිමවැටී විසිරුණු ,තුෂර පිණි මත හීනියට තැවරුණු ,ශ්වේත වර්ණැති තුහින පිණිබිඳු   එකිනෙක අහුලා අපූරුවට  වර්ණවත් කළ   නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පෙර පාසල් පාඨමාලාවේ  කල එළි මංගල්‍යය  “තුහින -2021” ප්‍රසංගය (22) ඔරුගොඩවත්‍ත K-tec ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.තුහින කලා ප්‍රසංගය 2021 වර්ෂයේදී පස්වෙනි වරට ඉදිරිපත් කෙරුනු  අතර, පාඨමාලාව අවසන් කරන ආධුනිකාවන්ගේ කලාත්මක හැකියාවන් වේදිකාවක් මත ප්‍රාසංගිකව දිගහැරුණු  මෙම ප්‍රසංගය  නාරාහෙන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගේ මග පෙන්වීමෙන් පෙර පාසල් පාඨමාලා උපදේශකවරිය වන මනෝරි වේරගල මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.මෙම උත්කර්ශවත් කලා ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා,උපසභාපති මහේෂ් ආරියරත්න මහතා,අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments