28.1 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය,දැව හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය,දැව හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලීම්වලදී (26) හා (27) දිනවලදි සිදුකළ මෙහෙයුම්වලදි ගම්පොළ

කඳවුරේ නිලධාරි පිරිසක්

පුස්සැල්ලාව පොලිස් වසමේ

කලාවැල්ලගොල්ල, කහඋඩගම,

අටබාගේ ස්ථානයේ නීතිවිරෝධි

මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම කඳවුරේ නිලධාරී පිරිසක්

වැලිපැන්න පොලිස් වසමේ

බොන්දුපිටිය ප්‍රදේශයේ හෙරොයින්

ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. දෙනියාය

කඳවුරේ නිලධාරි

පිරිසක්ඌරුබොක්ක පොලිස්

වසමේ ඌරුබොක්ක මුලටියන

මාර්ගයේ හිරම්පොල ප්‍රදේශයේ

බලපත්‍ර නැති ටිපර් රථයකින් වැලි

ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට

ගෙන ඇත. පරයනාලන්කූලම්

කඳවුරේ නිලධාරි පිරිසක් සිලාවතුර

පොලිස් වසමේ අරවිආරු

ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව වැලි

කැණීම්කර ට්‍රැක්ටර් රථයකට වැලි

පටවමින් සිටි අයකු හා ට්‍රැක්ටර්

රථය අත්අඩංගුවට ගෙන තිබේ.

මන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක්

එම පොලිස් වසමේ මන්කූලම්

රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන්

එම රක්ෂිතයට ඇතුළුවි නීති

විරෝධි ලෙස පලුගස් කපමින් සිටි

අයකු භාණ්ඩ සමග අත්අඩංගුවට

ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් කරදියානාරු

පොලිස් වසමේ පිල්ලුමලේ

කොස්ගොල්ල ප්‍රදේශයේ බලපත්‍ර

නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර්

දෙකකට වැලි පටවමින් සිටි

දෙදනකු එම ට්‍රැක්ටර් සමග

අත්අඩංගුවට ගෙන ඇත. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ සමගිපුර හංදිය ප්‍රදේශයේදි රියැදුරු බලපත්‍ර නැතිව රිය පැදවීම, අන්තරාදායක රිය පැදවීම, අපරික්ෂාකාරි රිය ධාවනය හා යම් සංඥය වරදක් සිදුකර පලායන බවට සැකපිට සිව්දෙනකු සමග කාර්රථය අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් අඩම්පන් පොලිස් වසමේ පෙරියමඩු රක්ෂිත ප්‍රදේශයේ මෙරට නිෂ්පාදිත කළ වෙඩි බෙහෙත් කොටන ගිනි අවියක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පොතුවිල් පොලිස් වසමේ හැඩ ඔය පාලම අසල වැලි ගබඩාව තුලදි බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් නියමිත ස්ථානයෙන් පිටත ටිපර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ කඳවුරේ නිලධාරි පිරිසක් පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල කැලණිය ස්ථානයේදී අයිස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ කඳවුරේ නිලධාරි පිරිසක් පෑලියගොඩ වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී අයිස් ළඝ තබාගෙන සිටි අයක් අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බොරැල්ල පොලිස් වසමේ, සීවලි පටුමග යන ස්ථානයේදි හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර කඳවුරේ නිලධාරි පිරිසක් ඉඟිනියාගල පොලිස් වසමේ නාමල්ඔය ගම්පහ කොළණිය ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගල් කොරියක ගල් කඩා පටවිමන් සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය මූලස්ථානයේ ඩ්‍රෝන කැමරා සහය ඇතිව උඩවලව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් තණමල්විල පොලිස් වසමේ සිංහලයාගම ප්‍රදේශයේදි නීති විරෝධි ලෙස වගා කරන ලැබු ගංජා හෙන් හතරක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි ගංජා හේන් තුනක් අම්බලන්තොට හා සූරියවැ කඳවුරුවල නිලධාරීන් ඒකබද්ධව සිදුකළ මෙහෙයුමකදී තණමල්විල පොලිස් වසමේ ගල්කොටුකන්ද ප්‍රදේශයේදි අත්අඩංගුට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments