ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල මහ ඇල ආශ්‍රීත ප්‍රදේශයේ
නීති විරෝධී ලෙස ඉතා සූක්ෂම අන්දමින් අක්කර 2 ½ ක් පමණ භූමියක වගා කර තිබුණු උස අඩි 6 ක් පමණ වන ගංජා ගස් 18815 ක් හා වියළි ගංජා කිලෝ ග්‍රෑම් 37 කට
අධික ප්‍රමාණයක් සමග සූරියවැව හා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 42 ත් 58 ත් අතර පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය කතරගම
කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සමත් වී ඇත.
තවද සැකකරුවන් සන්තකයේ තිබූ විදේශීය රට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම උණ්ඩ 03 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
තිස්මහාරාම මහේස්ත්‍රාත්
අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව අත්අඩංගුවට ගත් ගංජා ගස් විනාශ නොකර අයුර්වේද දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු සිදුකළ අතර අත්අඩංගුවට ගත්
වියලි ගංජා හා ගිනි අවිය සමග සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත භාර දුන් මුලු ගංජා ගස් තොගයේ බර කිලෝග්‍රෑම් 1481 වන අතර මෙම ගංජා ගස් තොගය අත්අඩංගුවට ගත් ලුණුගම්වෙහෙර ජාතික
වනෝද්‍යානයේ සිට කිලෝමීටර් 6 කට වැඩි දුරක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ කර මතින් ඉතාමත් දුෂ්කර මාර්ග ඔස්සේ රැගෙන ඒමට සිදුවිය.
ගංජා භාවිතයෙන් දේශීය
ඖෂධ වර්ග 74 ක් නිෂ්පාදනය කරන අතර පසුගිය වසරක කාල සීමාව තුල විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් ගංජා ගස් කිලෝග්‍රෑම් 4500 කට අධික ප්‍රමාණයක් අයුර්වේද
දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබා දුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා කලාප අණදෙන නිලධාරී (හම්බන්තොට/ගාල්ල/උඩවලව)
ජෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ උපදෙස් පරිදි වි.කා.බ. කතරගම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.ඒල් මුණසිංහ ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකා සමාජිකයෙකු යැයි පවසමින් බියවද්දා මුදල් සහ මත්පැන් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය
මූලස්ථාන කඳවුරේ උප පොලිස් පරික්ෂක ඩී.එම්.ඒ.එන්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) වන දින පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ, ධර්මඩුවත්ත, බුදු පිලිමය
ආසන්නයේ දී විශේෂ කාර්ය බලකායේ යැයි පවසමින් ව්‍යාජ හැදුනුම්පතක් සහ විශේෂ කාර්ය බලකායේ කැළෑ නිල ඇදුමක් පැළද සිටින පිංතූරයක් ජංගම දුරකතනයේ තබාගෙන
මහජනතාව බියවද්දා මුදල් සහ මත්පැන් ලබාගත් මාතර සහ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21, 39 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම වැටලීම් සියල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව රාගම පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය 25ග්‍රෑම්යි, 270මිලිග්‍රෑම් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුද්ධි කොට්ඨාශයේ නිලධාරී පිරිසක් වැල්ලම්පිටිය පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 150ක් හා කේරළ ගංජා 50යි මිලිග්‍රෑම් 220ක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මූලස්ථාන කඳවුරේ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් පෑලියගොඩ පොලිස් වසමේ විශේෂ බලකායේ යැයි පවසමින් ව්‍යාජ හඳුනුම්පතක් හා ජංගම දුරකතනයේ විශේෂ කාර්ය බලකායේ නිලඇඳුමක් පැළඳ සිටින පින්තූරයක් මුහුණතේ තබාගෙන පුද්ගලයින් බියවද්දා බලපෑම් කර මුදල් සහ මත්පැන් ලබාගැනීම සම්බන්ධව අයකු සහ ඔහුගේ සහයකයකු අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ හා සියඹලාණ්ඩු කඳවුරේ නිලධාරි පිරිසක් ඒකාබද්ධව මහකළුගොල්ල පොලිස් වසමේ නීති විරෝධි ලෙස පර්චස් පහක් පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු අඩි දෙකක් උසැති ගංජා පැළ 7,500ක් අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ හා හම්බන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් ඒකාබද්ධව හම්බෙගමුව පොලිස් වසමේ වැටලීම් හතක් සිදුකර නීති විරෝධි ලෙස පර්චස් 140ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු ගංජාගස් 17,901ක් සැකකරුවකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරි පිරිසක් මට්ටක්කුලිය පොලිස් වසමේ නීති විරෝධි ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කරනු ලැබු රජයේ අවවාදය සටහන් කර නැති අලෙවිය සඳහා සූදානම් කර තිබු BENSON & HEADGES වර්ගයේ දුම්වැටි 320ක්, Manchester වර්ගයේ දු ම්වැටි 1,400ක්, ,DUNHILL SWITCH වර්ගයේ දුම්වැටි 1,700ක් සමග දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් නිවිතිගල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 11,250ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් හා නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 11,250, ගෝඩා මිලි ලීටර් 135,000ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කළ පුද්ගලයකු සමග ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.