නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර තිබේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අදාළ තනතුර සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු විය.
වෛද්‍ය එස් ශ්‍රී ධරන් මහතා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේ දක්වා කටයුතු කළේය.