25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය,වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය,වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලීම්වලදි (30)

මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක්

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ

සුගන්දිපුරම් චලෙයි මාර්ගයේ

කොළනිය රක්ෂිත ප්‍රදේශයේ

කේරළ ගංජා කිලෝ අසුනවයයි,

ග්‍රෑම් දෙසීයක් ළඟ තබාගෙන සිටි

වයස අවුරුදු 30,24,44 පසුවන

සිව්දෙනකු අත්අඩංගුවට ගෙන

තිබේ.

විශේෂ මෙහෙයුම් අංශ 1හි

නිලධාරින් වෙත ලැබුණු

තොරතුරකට අනුව නිලධාරි පිරිසක්

ගොතටුව පොලිස් වසමේ පිහිටි

නිවසක් වටලා හෙරොයින් මත්ද්‍රව්‍ය

ග්‍රෑම් තුනයි, මිලිග්‍රෑම් දෙසිය

හැත්තෑවක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන ඇත.

වැලිකඩ කාන්තා බන්ධනාගාර

සංකීර්ණයේ රාජකාරි කරුණු

ලබන නිධාරිණියන් කණ්ඩායමක්

රැඳවියන් සෝදිසි කරන ස්ථානයේ

සිදුකළ සෝදිසි කිරීමකදී එක්

කාන්තා රැඳවියකු බෙහෙයත් දමන

කවරයක සඟවාගෙන පැමිණි ගුරු

පාට බීඩි දෙකක් සමග

අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් වෙත ලැබුණු

තොරතුරකට අනුව නිලධාරි පිරිසක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ

ස්ටේස්පුරදි වැටලීමක් සිදුකර අයිස්

මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයක් හා මිලිග්‍රෑම්

පන්සීය අනුවක් ළඟ තබාගෙන සිටි

අයකු අත්අඩංගුවට ගෙන

තිබේ.අරලගංවිල කඳවුරේ

නිලධාරින් වෙත ලැබුණු

තොරතුරකට අනුවවැලිකන්ද

පොලිස් වසමේ වඩමුණේ පාලම

අසල වැටලිමක් සිදුකර බලපත්‍ර

නොමැතිව වැලි පටවා තිබු

ට්‍රැක්ටර් රථදෙකක් හා වැලි කියුබ්

දශම පහක් සැකකුරවෙකු නැතිව

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු වෙනුවෙන්

වැලිකන්ද පොලිස් ස්ථානය වෙත

භාරදි ඇත. අරන්තලාව කඳවුරේ

නිලධාරින්ට ලැබුණු ඔත්තුවකට

අනුව එහි නිලධාරි පිරිසක්

පදියතලාව පොලිස් වසමේ

සේරංකඩ , මොරවැව වැටලීමක්

සිදුකොට බලපත්‍ර නැතිව ට්‍රැක්ටර්

රථයක්, වැලි ප්‍රවාහනය කරමින්

සිටි අයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන සඳහා පදියතලාව

පොලිස් වසම වෙත භාරදී ඇත.

එම කඳවුරේ නිලධාරින් තවත්

වැටලීමක් කොළේ යාය,

සේරංකඩදි සිදුකර බලපත්‍ර නැති

ට්‍රැක්ටර් රථයක් මගින් වැලි

ප්‍රවාහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ

කඳවුරේ නිලධාරි වෙත ලැබුණු

තොරතුරක් අනුව නිලධාරි පිරිසක්

කොස්ලන්ද පොලිස් වසමේ

කුමාරතැන්න, වැහිලිහිණියා,

කොතකැලේ රක්ෂිතයේදි

වැටලීමක් සිදුකර අක්කර 1/4ක්

පමණ භූමි ප්‍රමාණයක වගා කර

තිබු ගංජා හේනක් පුද්ගලයකු

නැතිව අත්අඩංගුවට ගෙන තිබේ.

අඩි දෙකයි , අඟල්10ක් පමණ උස

ගංජා පැළ 3,500ක් අත්අඩංගුවට

ගෙන තිබේ. එමෙන්ම හපුතලේ

කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු

ඔත්තුවකට එහි නිලධාරි පිරිසක්

කොස්ලන්ද පොලිස වසමේ

කොතකැලේ රක්ෂිතයේ වැටලීමක්

සිදුකර සැකකරුවකු නැතිව අඩි

දෙකයි අඟල් පහක් පමණ උස

ගංජා පැළ එක්දහස් පන්සීයක්

අත්අඩංගුවට ගෙන ඇත. ඉන්

සාම්පල් පහක් කොස්ලන්ද පොලිස්

ස්ථානය වෙත භාරදි තිබේ. කෑගල්ල කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරි පිරිසක් අරණායක පොලිස් වසමේ බකුද්වල පාසැල අස වැටලීමක් කර බලපත්‍ර නැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු, ටිපර්රථය හා වැලිකියුබ් එකක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අරණායක පොලිස් වසම වෙත භාරදි තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු ඔත්තුවකට අනුව එහි නිලධාරි කණ්ඩායමක් සුරාබදු ඒකකයේ නිලධාරි පිරිසක් සමග ඒකාබද්ධව ඇලයාපත්තුව පොලිස් වසමේ ග්‍රාමසේවා සමේ ගල්පොත්තේගම වැව් තාවුල්ල ස්ථානයේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයට සූදානම්කර තිබු ගෝඩා සහ මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරින් වෙත ලැබුණු ඔත්තුවකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ සුගන්දිපුරම් කොළනිය ප්‍රදේශයේ වැටලීමක් කර මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments