21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක. 10 කෆීර් ප‍්‍රහාරක ජෙට් බලඝණය සිය 26...

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක. 10 කෆීර් ප‍්‍රහාරක ජෙට් බලඝණය සිය 26 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ජෙට් යානා බලඝණය (05) සිය 26 වෙනි සංවත්සරය ඉතා අභිමානවත් අයුරින් සමරනු ලබයි. “වැලි කතරේ සිංහයා” නමින් විරුදාවලිය ලත් කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත වූ අංක 10 බලඝණය 1996 වසරේ ජනවාරි මස 05 වන දින ඊශ‍්‍රායලයේ නිශ්පාදිත කෆීර් ප‍්‍රහාරක ජෙට් යානාවන් 06 කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතාද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනෙකු, ඉංජිනේරු නිලධාරීන් 04 දෙනෙකු හා කාර්මික ශිල්පීන් 70 දෙනෙකු සහිත කාර්ය මණඩලයකින් ආරම්භ කර තිබේ.

2000 වර්ෂයේදී ගුවන් යානා 09ක් අලුතින් එකතුවීමත් සමග බළඝණය තව තවත් ශක්තිමත් විය.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙම බලඝණයේ ගුවන් නියමුවකු, ගුවන් නියමු උපදේශකයකු මෙන්ම අණදෙන නිලධාරීවරයා වශයෙන්ද කටයුතු කොට ඇති අතර මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරලනු වස් සිය වගකීම් සහගත යුතුකම ඉටුකරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත්වූ ප‍්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදුකිරීමට සක‍්‍රීය දායකත්වය මෙම බලඝණය වෙත ලබාදී තිබේ. වර්ෂ 2009 මාර්තු මස 08 වැනි දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දශක 03 කට අධික කාලයක් මෙරට පැවති ත‍්‍රස්තවාදය තුරන් කිරීමට ලබා දුන් අද්විතීය දායකත්වය වෙනුවෙන් අංක 10 ප‍්‍රහාරක බළඝනයට ජනාධිපති වර්ණ ප‍්‍රධානය කළේය.

මෙම බලඝණය ආරම්භ වූ 1996 වසරේ සිටම මාතෘභූමියෙන් ත‍්‍රස්තවාදය තුරන් කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුධ භූමියේ මහඟු කාර්යභාරයක් ඉටුකරන ලද බලඝණයකි. 1996 වසරේ සිට ගුවන් හමුදා සක‍්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් යානාවන් 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා අඛණ්ඩ වූ සේවයක් ලබාදෙමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරලීමට ඇප කැප විය. මෙම බලගණය සිය යානාවන් යොදා ගනිමින් ඉතා සියුම් භූමිගත ත‍්‍රස්ථවාදී ඉලක්කයන් වෙත අති සාර්ථක අන්දමින් ප‍්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප‍්‍රහාරක මෙහෙයුම් 2500 කට අධික ප‍්‍රමාණයක් සිදුකොට තිබේ. ගුවන් හා ගොඩබිම් කාර්යය මණ්ඬලයේ කැපවීම මත අංක 10 ප‍්‍රහාරක බළඝණය අනාගතයේදීද කිසිඳු කලාපීය ගුවන් හමුදාවකට නොදෙවෙනි හැකියාවක් සහිතව හා උසස් පුහුණුව ලත් පිරිස් සමගින් තම සේවය අප මව්බිම සදහා ලබාදීමට නිරතුරුව ඇප කැප වී ක‍්‍රියාකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments