ත්‍රී රෝද රථ සොරකම් කළ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමක් මහබාගේ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහබාගේ පොලිස් ස්ථානයට වාර්තාවී තිබු ත්‍රීරෝද රථ සොරා ගැනිමේ පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදුකර අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුවන් සිව්දෙනකු (03) ගණේමුල්ල ප්‍රදේශයේදි මහබාගේ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අනාවරණය කරගත් තොරතුරු මත මොවුන් බස්නාහිර පළාත තුල විවිධ ප්‍රදේශවලදී සොරාගන්නා ලැබු ත්‍රීරෝද රථ 17කින් 12ක් හා අනෙක් ත්‍රිරෝද රථ පහක් කොටස් සොයාගෙන තිබේ. මෙම ත්‍රීරෝද රථවල ඇන්ජින් අංක වැසි වෙනස් කර ඇති බවට පරීක්ෂා කිරීමේදි නිරික්ෂණය වී ඇති අතර සැකකරුවන් මෙම ත්‍රීරෝද රථ රාගම,මහබාගේ,වත්තල, ජාඇළ,කඳාන,පෑලියගොඩ හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් සොරාගෙන ඇතිබවට කරුණු අනාවරණයවි ඇත.
සැකකරුවන් (04) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක් රැඳවුම් නියෝග ලබාගෙන ඇත. මහබාගේ පොලිසිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.