වයස අවුරුදු 05 – 16 දක්වා අතර දරුවන් පාසැල් අධ්‍යාපන නොලැබිමේ හේතුවෙන් ඔවුන්ගේ අනාගය අඳුරුවීමේ අවදානමෙන් මුදවාගෙන එවැනි දරුවන් මත්ද්‍රව්‍ය හා අපරාධ ක්‍රියාවන්ගෙන් මෙන්ම විවිධ සමාජ අපගාමි ක්‍රියාවන්ට යොමුවීම වැළැක්වීම අරමුණු කොටගෙන වැඩසටහනක්.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන හා විශේෂ අධ්‍යාපන ඒකකය කරනු ලැබු ඉල්ලීමක් අනු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන පාසැල් අධ්‍යාපනය අතරමග නතරවු සහ පාසැල් අධ්‍යාපනය නොලබන නමුත් පාසැල් යන වයසේ පසුවන දරුවන් 200ක් නැවත පාසැල් අධ්‍යාපනයට යොමු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇත.
ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ප්තියට අනුව ළමයෙකුගේ එක් අයිතිවාසිකමක් ලෙස අධ්‍යාපනය ලැබීම සඳහන් කර ඇත. ඒ අනුව දරුවන් 200 දෙනකු වෙත නිල ඇඳුමක්, පාවාහන් යුගලක්, පාසැල් පොත් බෑගයක්, හා පොත්පත් ලබාදීමට කටයුතු සූදානම් කර තිබු අතර සංකේතාත්මක වශයෙන් මුතුවැල්ල හින්දු විද්‍යාලය හා ප්‍රෙස්බිටිරියන් බාලිකා විදුහලේ දෙක සඳහා දරුවන් දෙදනකු ඇතුළත් කිරීම ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් (04) සිදුකෙරිණි.
මේ අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබඳ අමත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමික) ජගත් අල්විස්, ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, එස්.ටි. කොඩිකාර, පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න, බස්නාහිර පළාත් ශාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකොන්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකු විතානගේ, කාන්තා නියෝජ්‍ය පොලිස්පති බ්ම්ෂාන්ි ජාසිංහආරච්චි යනමහත්ම මහත්මීහු පිරිසක් සහභාගිවු අතර මෙම වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සංවිධානය කර තිබුණි.