ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් තුලින් උපයා ගන්නා ලැබු මුදල් හා පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුව
ට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මේ සියලු වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් i හි නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරී කණ්ඩායමක් (04) තෙලිකඩ පොලිස් වසමේ ලුම්බිණි, ගිනිමැල්ල
ගහ බටහිර, ගෝනපීනුවල ලිපිනය පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර
පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල අවියක් හා ජීව උණ්ඩ ළඟ තබා ගැනීම, ජාත්‍යන්තරව සිදු කරන මත්ද්‍රව්‍ය
ජාවාරම් තුලින් උපයා ගත් රුපියල් ලක්ෂ අනූවකට අධික මුදල් හා සැටලයිට් වර්ගයේ දුරකථනයක් තබා ගැනීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අදාල වෑන් රථයක් සන්තකයේ තබා
ගැනීම සම්බන්ධව ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 පමණ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී
ඇත.
එහිදි පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල අවියක් (NMHS 16493),
හිස් පතොරම් ගැබ් 02ක්, 7.62X25 mm ජීව උණ්ඩයක්, වෑන් රථයක් (SP PH
8907)
,මුදලින් රුපියල් 9,002,800ක්,සැටලයිට් දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ප්‍රභල ජාවාරම් කරුවෙකු හෙරොයින් සහ රන් භාණ්ඩ සමග විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් i හි නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරී
කණ්ඩායමක් (04) තංගල්ල පොලිස් වසමේ අංක 34, කොස්කොරටුව, සීනිමෝදර බටහිර ලිපිනය පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකොට හෙරොයින් ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය
ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ පනහකට අධික මුදල් ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයු මුදලින් රන් භාණ්ඩ මිල දී ගෙන ළඟ තබා ගැනීම සම්බන්ධව සීනිමෝදර,
බටහිර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පමණ වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
එහිදි හෙරොයින් ග්‍රෑමි 10 යි මිලි ග්‍රෑමි 320ක්,මුදලින් රුපියල් 5,014,000ක්, රන් පැහැති මාල 04ක්,
රන් පැහැති පෙන්ඩන් 08ක්,රන් පැහැති බේස්ලට් 03ක්, රන්
පැහැති මුදු 03ක්,රන් පැහැති කරාබුවක් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු ගජමුතු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට
ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබු තොරතුරකට අනුව දෙවන කදවුරු අණදෙන නිළධාරී පොලිස් පරික්ෂක ආර්.එම්.ඩී.සී. රත්නායක ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (05) අම්පාර පොලිස් වසමේ බුද්ධංගල ආදාහනාගාරය අසල දී වැටලීමක් සිදුකර ගජමුතු සන්තකයේ තබාගෙන සිටි මුදලිගෙදර, රන්සෑගොඩ සහ අඹකොටේ,
කෙන්ගල්ල යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 39, 40 යන වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
මොවුන්ගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී යාල, කුමන, උඩවලව යන රක්ෂිත තුලට ඇතුල්වී වන ඇතුන් ඝාතනය කර ඇත් දල කපා ලබා ගන්නා ලද ගජමුතු රුපියල් කෝටි පහක
මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටි බවට ප්‍රකාශ කර ඇත.
එහිදි ග්‍රෑම් 84 මිලි ග්‍රෑම් 778 බර ගජමුතු එකක්,
ග්‍රෑම් 61 මිලි ග්‍රෑම් 627 බර ගජමුතු එකක්, ග්‍රෑම් 06 මිලි ග්‍රෑම්
445 බර ගජමුතු එකක්, කාර් රථයක්(KY 3992)අත් අඩංගුවට ගෙන තිබේ.
අමිපාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම යටතේ, පොතුවිල් ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහාකාර පොලිස් අධිකාරී එස්.ඩී. බන්දුසිරි මහතාගේ මූලිකත්වයෙන් යුතුව විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, ශාස්ත්‍රවේලි යන කඳවුරු ඒකාබද්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි තොරතුරුකට අනූව (31) සිට(06) දක්වා පානම පොලිස් වසමේ කුමන රක්ෂිතයේ සිදුකරන ලැබු වැටලීමක දී ඉතාම රහසිගතව, සූක්ෂම අයුරින් පවත්වාගෙන ගිය අක්කර 04 ක පමණ භූමි ප්‍රමාණයක සරුවට වැඩී ගිය ගංජා හේනක් අත්අඩංගුවට ගැනීමට හැකිවි ඇත.
කුමන රක්ෂිතයේ ඝණ වනාන්තරය මැද තිබූ මෙම ගංජා හේන විශේෂ කාර්ය බලකාය විසින් දින 07 ක පමණ අතිශය දුෂ්කර වූ ගමනකින් පසු අත්අඩංගුවට ගන්නා ලද අතර මුලු බර කිලෝ ග්‍රෑමි 5,788 කි. මෙහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ කාර්ය බලකාය වෙත සුවිශාල දායකත්වයක් ලබා දුන් අතර ඉතිහාසයේ මුල්වරට ගුවනින් මෙම ගංජා ප්‍රමාණය රැගෙන එනු ලැබීය.
ගුවන් ගමන් වාර හයකින් මෙම ගංජා ප්‍රමාණය කිලෝ මීටර් 17 ක පමණ දුරක් ගෙවා ශාස්ත්‍රවෙලි ප්‍රදේශයට රැගෙන එනු ලැබූ අතර පසුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝග මත නාවින්න ශ්‍රී ලංකා ආයුරුවේද සංස්ථාව වෙත ඹෟෂධ නිෂ්පාදනය සඳහා මුලු ගංජා ප්‍රමාණයම ලබාදී තිබේ.
මීට පෙර ද පොලිස් විශේෂ බලකාය 2021 වර්ශයේ දී අවස්ථා හයක දී මෙලෙසම ශ්‍රී ලංකා ආයුර්වේද සංථාව වෙත අධිකරණ නියෝග මත ඹෟෂධ නිශ්පාදන ක්‍රියාවලිය උදෙසා ගංජා කිලෝ ග්‍රෑමි 3,666 ග්‍රෑමි 300 ක ප්‍රමාණයක් ලබාදීමට පියවර ගෙන ඇති බව විශේෂ පොලිස් බලකාය සඳහන් කරයි.