ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23 කින් පරාජය කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සහ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 56ක සබඳතාවක් ගොඩනැගී ය.
ගුර්බාස් ලකුණු 35 යි.
වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 41කින් 4 පහර 8 ක් සහ 6 පහර 2ක් ද සමගින් ලකුණු 63ක් රැස් කළේ ය.
ශොහීබ් මලීක් ලකුණු 23යි.
ටොම් කැඩ්මෝර් පන්දු 41කින් නොදැවී ලකුණු 57ක් රැස් කරගෙන සිටියේ ය.
6 පහර 3ක් සහ 4 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය.
නායක තිසර පෙරේරා ලකුණු 17යි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස් කළේ ය.
ඒ අනුව ලකුණු 202 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ග්ලැසියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 178 ක් පමණයි.
ගෝල් ග්ලැඩියේටර්ස් ඉණිම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 7 ක් සහ 6 පහර 3 ක් සමගින් පන්දු 21 කින් වේගවත් ලකුණු 54 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් පන්දු 28 කින් ලකුණු 39 යි
නායක භානුක රාජපක්ෂ ලකුණු 14 කට දැවී ගියේ ය.
පන්දු යැවීමෙදී වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.
තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණේ, තරගාවලියේ ලකුණු 312 ක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දුටයි.
ඒ අනුව ලකුණු 23 කින් තරගය ජයගත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙවර ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 යි 20 ශුරතාව දිනාගත්තේ ය.