29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්පරිසර හිතකාමී ජල බෝතල් ලංකා සතොසෙන් වෙළෙඳපොළට.

පරිසර හිතකාමී ජල බෝතල් ලංකා සතොසෙන් වෙළෙඳපොළට.

ලංකා සතොස ආයතනය හා wecycle සමාගම එක්ව රුපියල් තිස්පහකට වතුර බෝතලයක් හඳුන්වාදී තිබෙන අතර සෑම සතොස අලෙවි සැලකින්ම එම වතුර බෝතලය පාරිභෝගික ජනතාවට ලබාගත හැකිවේ.

මෙම වතුර බෝතලය භාවිතා කිරීමෙන් අනතුරුව හිස් බෝතලය
යළි සතොස වෙත ගෙනත් දුන්විට ඊළඟ වතුර බෝතලය මිලදි ගැනීමේදි රුපියල් දහයක් අඩුකොට රුපියල් විසිපහකට වතුර බෝතලයක් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගික ජනතාවට අවස්ථාව උදාවේ. පරිසර හිතකාමිව සිදුවන ක්‍රියාවලියකී.

මේ සම්බන්ධයෙන් ලංකා සතොස ආයතනය හා wecycle සමාගම එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමක් ඉකුත් (06)බත්තර මුල්ල වොටර්ස් ඒජ් හෝටල් සංකීර්ණයේදි සිදුවිය. ඒ අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පරිසර ඇමැති මහින්ද අමරවීර හා රාජ්‍ය ඇමැතිවරුන්වන ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ලංකා සතොස ආයතනයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් ,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ , wecycle සමාගමේ සභාපති මුරලිදරන් ප්‍රභාකරන් යන මහත්වරු ඇතුළු එම ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත්ම මහත්මිහු එක්ව සිටියහ.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සතොස ආයතනයේ විධායක නිලධාරි හා wecycle සමාගමේ විධායක නිලධාරින් අතර සිදුකෙරිණි. මෙහිදි මෙම ප්ලාස්ටික බෝතල් ලබාගැනීමේ මධ්‍යස්ථාන පන්දහසක් ඇති කිරීම එම සමාගමේ අරමුණ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. මේවනවිට සතොස ලාභ ලැබීමේ තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර එහි සේවාවන් තවතවත් ජනතාවට සමීප වෙමින් සතොස වෙළෙඳ කටයුතු සිදුකිරීම අරමුණවේ. ඒ අනුව මෙම වතුර බෝතලයක් නැවත ලබාදීමේදි රුපියල් දහයක අගයක් ගන්නා බැවින් මෙම බෝතල් එකතු කර ලබාදෙන අයටද ආදායමක් ලබාගැනීමටත් පරිසරය සුරක්ෂිත කිරීමටත් හැකිවේ.

????????????????????????????????????
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments