29.7 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ...

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු.3998/=කට ලංකා සතොසෙන්.

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු.3998/=කට ලංකා සතොසෙන් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම දැනටමත් මෙම
සහන මලු ලක්ෂයක් දිවයින පුරා බෙදාහැරීමට සූදානම් කර තිබෙන බව හෙතෙම කීය.

මෙම මාධ්‍ය හමුව එම අමාත්‍යාංශයේදී අද(14) වෙළෙඳ අමාත්‍යාංශයේදි පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය………ඒ අනුව, සුපිරි සම්බා කිලෝ 10ක්, සුදු සීනි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, ඉඳිආප්ප පිටි කිලෝවක් , හාල්මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, මේස ලුණු ග්‍රෑම් 400ක්, පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්), මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපහ කුඩු ග්‍රෑම් 100ක්, කහකුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්, සතොස සඳුන් සබන් කැටයක්, දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්, සෝයාමීට් ග්‍රෑම් 90ක්, සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්, පපඩම් පැකට් 1ක්, ශල්‍ය මුහුණු ආවරණ 10ක් ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රු.3998/=කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසැල් හරහා අද සිට පහසුකම් සලසා ඇති තිබෙනවා.

වෙළෙඳපොළ සමීක්ෂණයකට අනුව, අනෙකුත් සුපිරි වෙළෙඳසැල් ජාල වලින් මෙම භාණ්ඩ වර්ග 20 මේ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගන්නා විට රු.6521/=, රු.5834/=, රු.5771/= ක් වශයෙන් ගෙවීමට සිදු වූ බවත්, මෙම භාණ්ඩ මල්ල රු.3998/=ක මුදලකට පාරිභෝගිකයා විසින් ලබා ගන්නා විට අවම වශයෙන් රු.1750/=ක වාසියක් ලැබිය හැකිවේ.
ලංකා සතොස අලෙවිසැල් නැති ප්‍රදේශ වල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
එමෙන්ම නවීන තාක්ෂණය යටතේ දේශීය ව්‍යවසායකයෙකු විසින් සකස් කර අපනයනය කරනු ලබන දියර පොල් කිරි පැකැට්ටුවක් ද මෙම සහන මල්ලට ඇතුළත්වේ. ඒ අනුව ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පොල්ගෙඩි දෙකක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්) රු.150/=ක සහන මිලට පාරිභෝගිකයා වෙත නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ද සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments