29.7 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්police newsරු.ලක්ෂ 10කට වැඩි නීති විරෝධි දුම්වැටි සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රු.ලක්ෂ 10කට වැඩි නීති විරෝධි දුම්වැටි සමග අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ 10 කට වැඩි වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරික්ෂක. ආර්.එම්.සි.පි. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) ගාල්ල වරාය පොලිස් වසමේ දෙවැට, එම්.එස්.ඩී සංචාරක හෝටලයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1800 ට තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙහිදි අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 13,300 ක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments