23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeව්‍යාපාරික පුවත්අන්තර්ජාතික වාණිජ මණ්ඬලය (ශ්‍රී ලංකා) මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරික නායකයින්ගෙන්...

අන්තර්ජාතික වාණිජ මණ්ඬලය (ශ්‍රී ලංකා) මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරික නායකයින්ගෙන් 2021/22 මූල්‍ය වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඬලයක් පත්වී තිබේ.

අන්තර්ජාතික වාණිජ මණ්ඬලය (ශ්‍රී ලංකා) ඉකුත්දින පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේ දී මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරික නායකයින්ගෙන් 2021/22 මූල්‍ය වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගත්තේ ය. ඡායාරූපයේ දැක්වෙන්නේ වමේ සිට සංජය මොහොට්ටාල (උප සභාපති), ශීනාත් ද සොයිසා (භාණ්ඩාගාරික), කපිතාන් නලීන් පීරිස් (උප සභාපති), දිනේෂ් වීරක්කොඩි (හිටපු සභාපති), ශනිල් ප්‍රනාන්දු (සභාපති), කීර්ති ගුණවර්ධන (හිටපු සභාපති), තිස්ස ජයවීර (හිටපු සභාපති), හේම කුමාර ගුණසේකර (ලේකම්), ජොනී ප්‍රනාන්දු (උප සභාපති), මනීෂා රාජනායක (නියෝජ්‍ය ලේකම්)

හිටගෙන වමේ සිට ක්‍රිස් ලී (කමිටු සාමාජික), එස්. රෙන්ගනාදන් (උප සභාපති), බොෂාන් දයාරත්න (කමිටු සාමාජික), උපාලි රත්නායක (කමිටු සාමාජික), දිනේෂ් සපරමාදු (කමිටු සාමාජික), නිපුණිකා විජේරත්න (කමිටු සාමාජික), ස්ටෂානි ජයවර්ධන (උප සභාපති), බුද්ධප්‍රිය රාමනායක (කමිටු සාමාජික), ආර්. ඩී. අයි. ඩී. රාජපක්ෂ (කමිටු සාමාජික), ජනත් ඉලන්ගන්තිලක (කමිටු සාමාජික)

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා එකම වාණිජ මණ්ඩලය අන්තර්ජාතික වාණිජ මණ්ඩලයයි. එම සංවිධානයට එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ නිරීක්ෂණ නියෝජනයක් හිමිය. රටවල් 130කට වැඩි ගණනක නියෝජනයක් හිමි මේ සංවිධානයට ව්‍යාපාර මිලියන 45ක සාමාජිකත්වයක් හිමි ය.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments