29.7 C
Sri Lanka
Sunday, June 8, 2025
HomeTOP“පිරිසිදු පරිසරයක්-නිරෝගීමත්හෙටක්'' වැඩ සටහන ඇරඹේ.

“පිරිසිදු පරිසරයක්-නිරෝගීමත්හෙටක්” වැඩ සටහන ඇරඹේ.

ඩෙංගු රෝගය මේ වන විට යලි හිස ඔසවමින් තිබේ. එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවීමට අප සැම වග බලා ගත යුතු වේ. පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 25,900 කට වඩා වාර්ථා වූ අතර එයින් සිදු වූ මරණ සංඛ්‍යාව 19ක් පමණ වේ.
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා ඇතිවීම වැලැක්වීම සඳහා “පිරිසිදු පරිසරයක්-නිරෝගීමත්හෙටක්” මැයෙන් දීප ව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් 2022 ජනවාරි මස 20 සහ 21 යන දෙදින තුළ ක්රිපයාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රජයේ සියළුම අමාත්යාං ශ, සියළුම පළාත් සභා, පළාත් පාලන ආයතන හා සියළුම රාජ්ය ආයතනයන්, සියළුම පුද්ගලික ආයතනයන්, රාජ්ය නොවන සංවිධාන ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එහි සමාරම්භක අවස්ථාව (20) පෙ.ව 10.00 ට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්, කොට්ටේ මහනගර සභා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments