නීති විරෝධී ලෙස තීරුබදු
නෙගෙවා මෙරටට ආනයනය කල
දුම්වැටි 12,000ක් සමග
පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ
කාර්ය බලකා අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.
එම බලකායේ අණදෙන නිලධාරී
නීතීඥ නියෝජ්‍ය පොලිස්පති
වරුණ ජයසුන්දර මහතාගේ
අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී රෝයි සුමනවර්ධන
මහතාගේ මගපෙන්වීම හා සහකාර
පොලිස් අධිකාරී සාගර මහතාගේ
උපදෙස් අනුව බස්නාහිර පලාත්
විශේෂ මෙහෙයුම් ඒකකයෙ හි
නිලධාරීන්ට ලද තොරතුරකට අනුව
පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරිස්
නිලධාරීන් කණ්ඩායමක් (14)
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ
කොල්ලුපිටිය නාගරික පොදු
වෙලද සංකීර්ණයේ දී වැටලීමක්
සිදුකර
කොල්ලුපිටිය නාගරික පොදු
වෙලද සංකීර්ණයේ සියලු
වෙළෙඳසැල් පරික්ෂාවෙන් පසු අංක
05, 16, 17 යන පලතුරු
කඩ තුල දී පලතුරු වෙලදාම්
කරමින් ඉතා සූක්ෂම ලෙස දීර්ඝ
කාලයක් තිස්සේ තීරුබදු නොගෙවා
මෙරටට ආනයනය කරනලැබු
විදේශීය රටවල් වල නිෂ්පාදිත නීති
විරෝධී දුම්වැටි වෙලදාමෙහි නිරත
වූ මාලබේ, කඩවත යන ප්‍රදේශයන්
වල පදිංචි වයස අවුරුදු 57 සහ 54
වයසේ පසුවන පුද්ගලයන්
දෙදෙනෙකු දුම්වැටි 12,000 ක්
සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන කටයුතු සදහා
කොල්ලුපිටිය පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත්
දුමිවැටි තොගයේ දළ වටිනාකම
රුපියල් දසලක්ෂයකටඅධික වේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය
දෛනික වැටලීම්වලදී මූලස්ථාන
කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම්
ඒකකය (කොළඹ කලාපය)
නිලධාරි පිරිසක් මාළිගාවත්ත
පොලිස් වසමේ ඛෙත්තාරාම
පන්සල පාර, කොළඹ 10
ස්ථානයේ පිහිටි නිවස ඉදිරිපිට
මාර්ගයේදි අයිස් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන
ඇත.කහවත්ත කඳවුරේ නිලධාරි
පිරිසක් රත්නපුර පොලිස වසමේ
වනඉදල කැටිය, හිදැල්ල ස්ථානයේ
නීති විරෝධි මත්පැන් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. එම කඳවුරේම නිලධාරින් රත්න පුර පොලිස් වසමේදීම ජම්බුගස් දෙණිය ප්‍රදේශ්යේදී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අයියන්කූලම මාර්ගයේ 03කි.මි. කණුව අසල ප්‍රදේශයේදි බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් මොරගහහේන පොලිස් වසමේ මාබිලියකන්ද ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි කණ්ඩායවමක් සිලාවතුර පොලිස් වසමේ මරදමඩු අරවිආරුව ප්‍රදේශයේදී වලංගු බලපත්‍රයක් නැතිව වැලි කැණීම්කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අයකු ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැලි ආර , නොටොල්පිටිය ස්ථානයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කල්මුණේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කල්මුණකුඩි පල්ලිය පාරේ පිහිටි ආර්.ආර්.ආර්. ෆුඩ්ස් ඇන්ඩ් බර්ගර් හෝටලය ඉදිරිපිට අයිස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි පිරිසක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වෙහෙරගොඩ, වැල්ලම්පිටිය ස්ථානයේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹූල්ල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වෑවල ප්‍රදේශයේ නීති විරෝධි ලෙස රජයේ කැලෑව එළිපෙහෙළි කරමින් සිටි අයකු එක්ස්කැවේටර් යන්ත්‍රය සමග අත්අඩංගුවට ගෙන ඇත.