බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර කළුගල් කැණීම් කරන ස්ථානයක් පවත්වාගෙන යමින් අවසරයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස සන්තකයේ තබාගෙන සිටි
පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) අනුරාධපුර පොලිස්
වසමේ අංක 260, මණ්ඩාගල, ශ්‍රාවස්තිපුර යන ලිපිනයේ පිහිටි කළුගල් කැණීමේ ස්ථානයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර කළුගල් කැණීම් කරන
ස්ථානයක් පවත්වාගෙන යාම, බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර විදුම් කටයුතු සිදු කිරීම, නීත්‍යානුකුල බලපත්‍රයක් හෝ අවසරයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ළඟ
තබා ගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 53ක් සහ 34ක් වන අනුරාධපුර සහ ශ්‍රාවස්තිපුර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හැමර් යන්ත්‍රයක්, විවිධ ප්‍රමාණයේ විදුම් කටු 03 යි, කළු කුඩු හෙවත් බ්ලාස්ටර් පවුඩර් ග්‍රෑම් 300ක්,වෝටර් ජේල් කරල් 10ක්,විදුලිමය නොවන ඩෙටනේටර් 14ක්,
සාමාන්‍ය සේවා නුල් අඩි 90 ක්,
ඇමෝනියම් නයිට්‍රේට් කි.ග්‍රෑ. 7.8ක්,කාර්මික කැණීම් බලපත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි තවත් මෙසේ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ ඒ අනුව මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් තෙල්දෙණිය පොලිස් වසමේ අලුත් වත්ත හංදියේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරින් කණ්ඩායමක් මුල්ලෙරියාව පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 50ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් සමග හිරණ පොලිස් වසමේ නිව්ඩාව ප්‍රදේශයේ කේරළ ගංජා ළඟ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරි පිරිසක් තණමල්විල පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේ ගංජා හේනක් වගා කිරීම සහ වියළි ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් දොම්පේ පොලිස් වසමේ නීතිවිරෝධි මත්පැන් ලීටර් 22.5ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පස්සර කඳවුරේ නිලධාරි පිරිසක් හාලිඇල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීතු ලීටර් 30ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් මාරවිල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 112.5 ළඟ කබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් හුංගම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලිටර් 06ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වලංගු බලපත්‍රයක් නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු හා ට්‍රැක්ටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අගුණකොළ පැලැස්ස කඳවුරේ නිලධාරි පිරිසක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬල පරීක්ෂා කරන ස්ථානයේදී යට ඇඳුමක සඟවා තිබු බීඩි 10ක්, රු150.00ක්, දුම්කොළ කුඩු30මි.ග්‍රෑම්ක් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පොලිස් නියාමක නිලධාරි වෙත භාරදී තිබේ.