25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාන වැලිජාවාරමුන් හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සුලමුල එස්.ටි.එෆ්. සොයාගනි.

මහා පරිමාන වැලිජාවාරමුන් හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සුලමුල එස්.ටි.එෆ්. සොයාගනි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් 001 කණ්ඩායමේ යැයි සැකකෙරෙන කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානයට (15) භාරදි ඇත.

මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඩම්පන් පොලිස් ස්ථානය වෙතභාරදි තිබේ. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දි ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දොම්පේ පොලිස් ස්ථානය වෙතභාරදී තිබේ. කෑගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට වෙත භාරදී තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් හතරකදි බලපත්‍ර නැතිව රක්ෂිතයක් තුලින් වැලි කැණීම් කර පටවමින් සිටි දෙදනකු හා බලපත්‍ර නැති වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තව දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලිම් දෙකකදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් බොරළු පස් ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙතභාරදි ඇත. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් හතරකදී බලපත්‍ර නැතිව බෝට්ටුවක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයකට වැලි කෑණීම් කර පටවමින් සිටි පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහඔය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් රක්ෂිතයට ඇතුළුවි කැලය එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ අඩවි වන කාර්යාලයට භාරදි තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් රැඳවියකුගේ කලිසමේ ඉනේ වාටියේ සඟවාගෙන සිටි ඩයලොග් සිම්පතක් සොයාගෙන බන්ධනාගාර ජේලර්වරයකුට භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments