ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ සේවය කරන රේගු නිලධාරීන් විසින් අද දින නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචි පුද්ගලයකු වෙත ඒවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙතෆෙටමින් (Methamphetamine) අඩංගු එක්සටසි (Ecstasy) නමැති මත් පෙති තොගයක් සොයා ගෙන තිබේ.
මෙහිදි ඇඳ ඇතිරිලි සහ සෙල්ලම් බඩු මෙම පාර්සලයේ අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර තිබූ අතර එහි කාඩ් බෝඩ් බිත්ති තුළ ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත් පෙති සඟවා තිබුණා. මෙම මත් පෙති තොගයේ ග්‍රෑම් එක් දහස් හය සියයක් (1600) බර මත් පෙති හාර දහසකට (4000) පමණ අඩංගු බව මේ වන විට සොයා ගෙන තිබෙන අතර එහි වෙළෙඳපොළ වටිනාකම මිලියන විසි හයක් (26) පමණ වන බව රේගු මත් ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් තක්සේරු කර තිබෙනවා.
මෙම පාර්සලය නිෂ්කාශනය කර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරු අංශය වෙත පැමිණ සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වන විට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත් පෙති ආනයනය පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත් පෙති තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිතයි.