21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්2021 ලෝක විවාහක රූරැජින කිරුළ අමෙරිකාව දිනාගනියි.

2021 ලෝක විවාහක රූරැජින කිරුළ අමෙරිකාව දිනාගනියි.

අමෙරිකාවේ ශේලන් ෆෝඩ් 2021 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කර ගත්තාය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරට විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා තරගාවලියේ අවසන් හයදෙනා අතරට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය 1984 වසරේ සිට විවාහක කාන්තාවන් සඳහා ලොව පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලිය වන අතර මෙවර එය පැවැත්වුණේ 35 වැනි වරටයි.

මෙවර එහි අවසන් මහා තරගය අමෙරිකාවේ නෙවාඩාහි ලාස්වේගාස් නරගයේ පැවැති අතර මෙරට විවාහක රූ රැජිණ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා එම තරගයට සහභාගී වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමුව තිබුණි.

තරගාවලියේ අවසන් තරගාරියන් තිදෙනා අතරට අමෙරිකාව, උගන්ඩාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කළ තරගකාරියන් තිදෙනා සුදුසුකම් ලබාගෙන සිටියේය.

ඔවුන් අතරින් 2021 ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගත්තේ 37 හැවිරිදි අමෙරිකාවේ ශේලන් ෆෝඩ්.

ඒ, අවසන් මහා තරගයෙන් අනෙක් තරගාකාරියන් 57 දෙනාවම අභිබවමින්.

අයර්ලන්තයේ කේට් ශ්නයිඩර් විසින් ශේලන්ට මෙවර ලෝක විවාහක රු රැජිණ කිරුළ පැළඳුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments