25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPරජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20...

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 .

නව සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනවාරි 18    

ජනවාරි 18 සිට 21 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව  සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව ජනවාරි 19 වැනිදා ප.ව 1.00 සිට   ප.ව 6.00 දක්වා ද  ජනවාරි 20 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා ද රජය ගෙන එන යෝජනාවකට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ. 

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් සමග ඉකුත් ( 13)  පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත්බවද මහලේකම්වරයා පැවසීය.

ජනවාරි 21 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන)  , සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

එදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව  ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

ඉන් අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments