21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි.

බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි.

සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal)  (19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

නාවික හමුදා මූලස්ථානයට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා විසින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පුද කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, නාවික හමුදා මූලස්ථානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු නාවික හමුදා මාණ්ඩලික  ප්‍රධානී ඇතුළු කළමණාකරන මණ්ඩලය ඔහු වෙත හදුන්වා දීමට කටයුතු කරන ලදී.

මෙම නිල හමුවේදී, බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාල වැදගත් කරුණු පිළිබඳව සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල්, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේ ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සටහනක් තැබිමට ද කටයුතු කරන ලදී.

තවද, මෙම නිළ සංචාරයේදී ඔහු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමට නියමිතය. එමෙන්ම බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, මෙම නිළ සංචාරයෙදී නැගෙනහිර හා දකුණු නාවික විධානයන්හි ආඥාපතිවරුන් හමුවීමට මෙන්ම, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරය කිරීමටද  නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments