29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රැපි ස්කෑන් පුද්ගලික සමාගම් වෙතින් මිල දී ගන්නා ලද බහාලුම් ස්කෑනිං පද්ධතිය...

රැපි ස්කෑන් පුද්ගලික සමාගම් වෙතින් මිල දී ගන්නා ලද බහාලුම් ස්කෑනිං පද්ධතිය අද දින ශ්‍රී ලංකා රේගුව විසින් නිල වශයෙන් භාර ගත්තේ ය.

විවෘත නොකර බහාලුම් පරීක්ෂා කිරීමේ උපකරණ ස්ථාපනය කිරීම ආනයන හා අපනයනවල නිෂ්කාශන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඕනෑම රේගු පරිපාලනයකට කළ හැකි එක් පියවරක්වේ. මෙය ලෝක රේගු සංවිධානය විසින් නිර්දේශ කරන ලද ජාත්‍යන්තර යහපත් ක්‍රියාවලියකි. WTO වෙළඳ පහසුකම් ගිවිසුමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බැඳීම් ඉටු කිරීමේ ප්‍රධාන මුලපිරීමක් ද මෙය වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා රේගුව Rapiscan Eagle P60 Fixed X-Ray Scanners හතරක් අත්පත් කර ගෙන තිබේ. මෙම නවීන ස්කෑනර යන්ත්‍රවලට බහාලුම පටවා ඇති ට්‍රක් රථය සෙමින් පද්ධතිය හරහා ධාවනය වන අතර මිනිත්තු 3කට අඩු කාලයක දී බහාලුම පරීක්ෂා කිරීමට හැකියාව ඇත. මෙම පහසුකම සියලුම ට්‍රක් රථ රියදුරන්ගේ සහ එම පහසුකමේ සේවය කරන රේගු කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉහළ ආරක්‍ෂිත ප්‍රමිතීන් වලට අනුකූලව ඉදි කර ඇත. මෙම ස්කෑනර යන්ත්‍ර උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා කොළඹ වරාය පරිශ්‍රය තුළ බහාලුම් පිටවීමේ දොරටුවට ආසන්න බහාලුම් පටවා ගත් ට්‍රක් රථ ගමන් කරන මාර්ගය ඔස්සේ සවි කර ඇත.

මෙම පද්ධතිය සපයා ස්ථාපනය කර ඇත්තේ ඇමෙරිකාවේ පිහිටි රැපි ස්කෑන් පුද්ගලික සමාගමට අනුබද්ධ සිංගප්පූරු පිහිටි රැපි ස්කෑන් පුද්ගලික සමාගම විසිනි. මෙම පද්ධතිය වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක් වේ. අදාළ ආයතන රේගු නිලධාරීන්ට පුහුණුවක් ද ලබා දුන් අතර රේගු කාර්ය මණ්ඬලයේ ධාරිතා වර්ධනය ඇතුළුව වසර 5ක පද්ධතිය නඩත්තු ගිවිසුමකින් ආවරණ වී ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ දී මෙම පද්ධතිය භාර දීම සහ භාර ගැනීම සනිටුහන් කිරීමේ උත්සවයක් (19) පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි රැපි ස්කෑන් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කොරන් කුසේයාන් මහතා සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments