22.2 C
Sri Lanka
Tuesday, June 10, 2025
HomeTOPරාජ්‍ය ආදායම නායයෑමක් ඇතිවිය හැක - දේශීය ආදායම් වෘත්තිය සමිති

රාජ්‍ය ආදායම නායයෑමක් ඇතිවිය හැක – දේශීය ආදායම් වෘත්තිය සමිති

යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත වුවහොත් මෙරට රාජ්‍ය ආදායම විශාල ලෙස නායයෑමේ අවදානමකට ලක්විය හැකි බව දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව අනතුරු අඟවා තිබේ.

ඔවුන් (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඒ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබානොදෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සූදානම් බවය.

බදු එකතු කිරීම, කාර්යක්ෂම කිරීමට සහ මත්පැන්, සිගරට්, වාහන, සන්නිවේදන සහ ඔට්ටු ඇල්ලීම වැනි ක්ෂේත්‍රවලට අදාළව භාණ්ඩ හා සේවා බදු අයකිරීම වඩාත් සරල කිරීම සඳහා පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා තීරණය කරනු ලැබීය.

ඒ සඳහා ”යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත” හඳුන්වා දුන් අතර ඊට අදාළ ගැසට් පත්‍රය පසුගිය 7 වනදා පළ කෙරුණි.

එම පනත් කෙටුම්පත අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ඒ අනුව බදු මුදල් එකතු කිරීම වෙනත් පාර්ශ්වයකට යාමෙන් රාජ්‍ය ආදායම නායයාමකට ලක්වනු ඇති බව දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණි. 

දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුවේ විධායක කමිටු සාමාජික එච්.ඒ.එල්. උදයසිරි මහතා,

“මුදල් අමාත්‍යාංශයේ රහසිගත ඒකකයකට අරගෙන පරිපාලනය කරන්න තමයි මේ හදන්නේ. මේ ඒකකය ගැන පනතේ නිර්වචනයක් නැහැ. ඒ ඒකකය මගින් එකතු කරන බදු මුදල් යන්නේ විශේෂ ගිණුමකට. ඒ ගිණුම ගැන අපි දන්නේ නැහැ. ඒක අවභාවිතා කරන්න පුළුවන්. මේ පනත සම්මත වුනොත් රාජ්‍ය ආදායම නායයෑමේ හැකියාවක් තියෙනවා. ලබන වසර වෙනකොට බරපතළ මූල්‍ය කඩාවැටීමකට යනවා. ජනපතිට, අගමැතිට අපි කියන්නේ සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. නැතිනම් ලබන සතියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments