මිල අධික ගජමුතු ළඟ තබාගෙන අලෙවි කිරීමට තැත් කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ මෙම සියලු වැටලීම් සිදුකර තිබේ.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ කඳවුර
අනදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මුලතිව් පොලිස් වසමේ ඕසන් පාර්ක් හෝටලය අසල දී වැටලීමක් සිදුකර ගජමුතු
සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට තැත් කළ එල්ලක්කල ප්‍රදේශයේ වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
එහිදි අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ ගජමුතු 01 යි,වලංගු රියදුරු බලපත්‍ර 01 යි,(B283174)
,ජාතික හැදුනුම්පතක්,(197427110060)
, මුදල් පසුම්බියක්,
(මුදල් රුපියල් 420.00 ක් අඩංගු)
,ජංගම දුරකථන (0712683854).
තවත් සිදුකළ මෙහෙයුම් වලදී ගල් ගුහාවක් තුළ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 08 ක් විශේෂ කා¬¬ර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට
විශේෂ
කාර්ය බලකායේ විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට වාලච්චේන යුධ හමුදා කදවුරේ බුද්ධි අංශයේ නිළධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව දෙවන කඳවුර
අනදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) සන්දිවේලි පොලිස් වසමේ සිරිදයන්ගල් ප්‍රදේශයේ දී වැටලීමක්
සිදුකර ගල් ගුහාවක් තුළ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 08 ක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා සන්දිවේලි
පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 08ක් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය භාවිතා කරනු ලබන නිල ඇදුම් වලට සමාන ඇදුම් කොටස් සමග පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්
අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) වරකපොල
පොලිස් වසමේ හා මිනුවන්ගොඩ පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින සෙබලෙකුගේ නිවස සෝදිසියට ලක් කිරීමේ දී හා ඒ සමග තවත්
නිවසක් සෝදිසියට ලක් කිරීමේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය භාවිතා කරනු ලබන නිල ඇදුම් වලට සමාන ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි
වරකපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා
මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි පොලිස් විශේෂ කාර්ය බලකාය නිල ඇමට සමාන මසා නිමකරන ලද කොට කලිසම් 11 යි,ශ්‍රී ලංකා යුධ හමුදා නිළ ඇදුමට සමාන මසා නිමකරන ලැබු කොට කලිසම් 10 ක්
අත්අඩංගුවට ගෙන ඇත.