තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද රුපියල් දාහතර ලක්ෂයකයට වැඩි දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ අවි හා උපක්‍රම අංශය භාර
සහකාර පොලිස් අධිකාරි කේශර රත්නවීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු
තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වත්තල පොලිස් වසමේ හැදල, වත්තල
ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර වෙළඳ සැලක් තුළ තීරුබදු නොගෙවා රහසිගතව මෙරටට රැගෙනවිත් මෙම දුම්වැටි අලෙවි කළ වත්තල ප්‍රදේශයේ
පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු දුම්වැටි විසි දහසක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙසේ
අත්අඩංගුවට ගත් දුම්වැටි 20,000 යේ දළ වටිනාකම
රුපියල් දාහතර ලක්ෂයකයට වැඩිවේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී (25)ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කඳාන පොලිස් වසමේ නීතිවිරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ නීති විරෝධි ගෝඩා ලීටර් 542ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් වැලිකඉ බන්ධනාගාරයේ මැගසින් බන්ධනාගාර දොරටුවේදි රැඳවියකු සෝදිසි කිරීමෙන් පසු රැඳවියා රැගෙන එන ලැබු කළු පැහැති බෑගයේ ඇතුළත පොඩි සාක්කුවේ සූක්ෂම ලෙස සාක්කුවේ සූක්ෂම ලෙස සඟවාගෙන උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් ජාඇළ පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 101ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කඳවුරේ නිලධාරි පිරිසක් නාරහේන්පිටි පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රෑම් 705ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් පේසාලේ පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි පිරිසක් මැදවච්චිය පොලිස් වසමේ කේරළ ගංජා ග්‍රැම් 200ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් මඩාටුගම පොලිස් වසමේ බලපත්‍ර නැතිව දඹුලු ඔයෙන් වැලි කැණීම් කරමින් සිටි අයකු සමග ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරී පිරිසක් පණ්ඩුලගම බීට්ටු වන නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදුකරනු ලැබු වැටලීමකදී ඇලයාපත්තුව පොලිස් වසමේ අනවසරයෙන් ගෝනෑව රජයේ රක්ෂිතයට ඇතුළු වි කිසිදු නිත්‍යානුකූල බලපත්‍රයක් නැතිව අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් කපා එළිපෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි කැණීම්කර පටවමින් සිටි අයකු සමග ඒ සඳහා යොදාගන්නා ලැබු ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පන්නල පොලිස් වසමේ මාඔය රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවි මැටි සහ පස් කැණීම් කරමින් තිදෙනකු බැකෝ යන්ත්‍රයක් සහා ට්‍රැක්ටර් රථ දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝණය කිරීම හා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාදෙනු ලබන වලංගු බලපත්‍රයක් නැතිව වැලි පිරිපහදු කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.