21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සජිත් ගමගේ වැඩ භාර...

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සජිත් ගමගේ වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් සජිත් ගමගේ 2022 ජනවාරි මස 25 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සජිත් ගමගේ නාවික දියත් විධානයේ ධජ නිලධාරී වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රධායානුකූලව දකුණු නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් සජිත් ගමගේ වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත දකුණු නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments