පොලිස් විශේෂ කාර්ය බලකාය සිය
දෛනික වැටලීම්වලදි (27) දකුණු
පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරි කණ්ඩායමක් ජීව
අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන ඇත.
පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක්
හෙරොයින් ළඟ තබාගෙන සිටි
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
ගෙන තිබේ. මුලතිව් කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැති
වැලි කැණීම්කර ටිපර් රථයකට
පටවමින් සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ
නිලධාරි පිරිසක් අතහැරදමා තිබු
ගල් වැඩපොළක් තුල සඟවා තිබු
මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත්
කොටන තුවක්කුවක්
සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන
තිබේ. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ට්‍රැක්ටර් රථ දෙකකට වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව ටිපර් රථයකින් බොරළු පස් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ආරුගම්බේ කඳවුරේ නිලධාරි පිරිසක් රජයේ කැලයට අනවසරයෙන් ඇතුළුවි කැලෑව ගිනි තබමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට ගෙන ඇත.