මිලකල නෙහැකි ගජමුතු යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීරමහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගෙන් ලැබුණු තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) කරදියනාරු පොලිස් වසමේ මුණවර, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සමඟිපුර, මහඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29, 52 අතර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමෙිදී මෙම ගජමුතු රක්ෂිතතුල ජිවත්වන වන ඇතුන් ඝාතනය කර මෙම ගජමුතු ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
විශේෂ මෙහෙයුම් අංශ 1හි කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් වැටලිම් දෙකක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 60ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම් 106යි මිලිග්‍රෑම් 640ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පස්සර කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් ්‍ර14යි මිලිග්‍රෑම් 620ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව ස්කැවේටර් යන්ත්‍රයක් උපයෝගි කරගනිමින් වැලි කැණීම්කර ටිපර් රථයකට පටවිමන් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. රත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝදි මත්පැන් ලීටර් 20, ගෝඩා ලීටර් 180ක් හා මැත්පැන් පෙරීමට උපයෝගි කරගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් ලිටර් 11.25, දැවිගෝඩා ලීටර් 18.75ක් හා මැත්පැන් පෙරීමට උපයෝගි කරගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව බොරළු පස් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ගොඩදැමු පුද්ගලයින් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලිමේ සිදුකර බලපත්‍ර නැතිව වැලි පටවමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි කාන්තවක් අත්අඩංගුවට ගෙන ඇත.