29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්31දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැතිබව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව...

31දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැතිබව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ-සභාපති ජනක රත්නායක මහතා.

අද(27) දිනසිටජනවාරි 31දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැතිබව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව විදුලිකප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ.

මේ පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“බලාගාර හා ඒවාට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳ අපි දෛනිකව සමාලෝචනයක් කරනවා. එම සමාලෝචනවල ප්‍රතිඵල අනුවයි විදුලි කප්පාදුවක් කරන්න අවශ්‍යද නැද්ද යන්න තීරණය කරන්නේ. අපි පසුගිය අවස්ථා දෙකේදීම එළඹුණු නිගමනය වුණේ විදුලි කප්පාදුව කින් තොරව අඛණ්ඩව සැපයුම ලබාදිය හැකිබවයි. අද දිනයේදී අපි සමාලෝචනයක් කලා අදසිට 31වනදා දක්වා තත්වය. හෙට දිනයේ සවස් කාලයේදී ඉල්ලුම සපුරාලීමේදී මෙගාවොට්30ක පමණධාරිතාවයක් නිසි විදියට කළමණාකරනය කරගන්නවෙනවා. ඉන් අනතුරුව එළඹෙන සතිඅන්තයේ විදුලි ඉල්ලුම අඩුවෙනවා. ඒනිසා 29 සහ 30 යන සතිඅන්තයේදී විදුලිකප්පාදුවක් අවශ්‍ය වෙන්නෙ නැ. අපි විදුලි පාරිභෝගිකයන්ගෙන් සහ ආයතනවලින් ඉල්ලා සිටිනවා විදුලිය අර පිරිමැස්මෙන් මේ කාලසීමාව තුල පාවිච්චි කර ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහයෝගය දක්වන ලෙසට”

විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලිජනන යන්ත්‍ර කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳ අදහස් පල කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනකරත්නායක මහතා

“විදුලි ජනන යන්ත්‍ර හිමි රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සමග අපි සාකච්ඡා ආරම්භ කළා. මේවනවිට එවැනි කණ්ඩායම් දෙකක් සමග කළ සාකච්ඡා සාර්ථකව අවසන්. අපගේ යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මුල් අදියරේදී විදුලි හිඟයක් පවතින විටදි ජනන යන්ත්‍ර හිමි ආයතන සියවිදුලිඉල්ලුම එම ජනන යන්ත්‍රවලින් සපයා ගැනීමට දිරිමත් කරනවා. එතකොට ජාතික පද්ධතිය තුල විදුලි ඉල්ලුම අඩුවෙන නිසා හිඟ අවස්ථා වල ඉල්ලුම සපුරාලීම පහසුවෙනවා. මේ වැඩපිළිවෙලේ දෙවන අදියරේදී රාජ්‍ය හා පුද්ගලික ආයතන සතු ජනනයන්ත්‍ර ජාතික පද්ධතියට සම්බන්ධ කර විදුලිය හිඟ අවස්ථාවලදී ඒවායින් ජාතික පද්ධතියට විදුලිය ලබාගැනීම පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීමට නියමිතයි.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments