ශ්‍රි ලංකා ගුවන් හමුදාවට වසර 71 ක් පුරාවට දැඩි අවශ්‍යතාවයක්ව තිබු ගුවන් හමුදා මුලික රෝහලක් ඉදිකිරිම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් සිදු කළ ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති තුමන් විසින් නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ භූමි ප්‍රදේශයක් ගුවන් හමුදා රෝහල ඉදිකිරිම සදහා ලබා දුන් අතර ඉදිකිරිමට යෝජිත නව ගුවන් හමුදා රෝහල සදහා මුල්ගල තැබිම ගරු ආරක්ෂක ලේකමි (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්ත මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 27 වන දින දි සිදු විය
මහල් 12 කින් සමන්විත යෝජිත නව රෝහල ඉදිකිරිම සදහා මුල්‍ය දායකත්වය රජය ප්‍රතිපාදන මගින් හා ගුවන් හමුදා ප්‍රතිපාදන මගින් සපයනු ලබයිග ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පුර්ණ අධික්ෂණය යටතේ මෙහි ඉදිකිරිමි කටයුතු සිදුකිරිමට නියමිතව අතර ඉදිකිරිමි සදහා කටයුතු සදහා පුර්ණ ශ්‍රමදායකත්වය ගුවන් හමුදාව විසින් සපයනු ලබයි. ඉදිකිරිමට නියමිත ගුවන් හමුදා රෝහලේ පළමු අදියර ලෙස මහල් 05 ක් වසර තුනක කාළයක් තුල සදනිමකිරිම සදහා සැලසුමි කර ඇත
නව රෝහල් සංකීර්ණය තුල රෝගින් 200 දෙනෙකු හට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනිමට හැකියාව ද පවතින අතර ගුවන් හමුදාෙවි සේවය කරනු ලබන මෙන්ම විශ්‍රාමික ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ට හට ද මෙම රෝහල තුලින් ප්‍රතිකාර ලබා ගැනිෙමි අවස්ථාව පවතින අතර යුද්ධයේදි මියගිය ගුවන් හමුදා විරුවන් ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හටද මෙම රෝහල මගින් ප්‍රතිකාර ලබා ගැනිෙමි හැකියාව පවති
ගුවන් හමුදා නව රෝහල ඉදිකිරිෙමි මුලික අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකමි තුමන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකමි තුමන් හිටපු ගුවන් හමුදාපතිවරුන් හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම සෙසු නිළයන් පිරිසක් ද සහභාගි විය