25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකැලෑ පාළුවන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කැලෑ පාළුවන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලීම් වලදී මෙහෙයුම්

ඒකකය 11හි නිලධාරි

කණ්ඩායමක් මීගමුව පොලිස්

වසමේ වැටලීම් දෙකක් සිදුකර

තීරුබදු නොගෙවා මෙරටට

ආනයනය කළ BENSONS

& HEDGES හා

Manchester වර්ගයේ දු

ම්වැටි 1,600ක් ළඟ තබාගෙන සිටි

දෙදනකු (30)අත්අඩංගුවට ගෙන තිබේ.

මන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක්

අක්කරායන්කූලම් පොලිස් වසමේ

වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර

නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි

පුද්ගලයින් දෙදනකු ට්‍රැක්ටර් රථ

දෙකක් සමග අත්අඩංගුවට ගෙන

ඇත. පරයනාලක්කූලම් කඳවුරේ

නිලධාරි පිරිසක් මඩු

පොලිස් වසමේ වැටලීමක් සිදුකර

පුද්ගලික ඉඩමක තිබි ඉකුත් යුධ

සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්

සඟවා තබන්නට ඇතැයි සැකකරන

81මි.මි. මෝටාර් උණ්ඩයක් සොයා

ගෙන ඇත. පුලියන්කුලම් කඳවුරේ

නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ වැටලිමක් සිදුකර

පුලියන්කුලම රක්ෂිතයේදී නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් කවරක්කුලම පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 18ක් සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් කපුගොල්ලෑව පොලිස් වැටලීම් දෙකක් සිදුකර අනවසරයෙන් පදවිය රක්ෂිතයට ඇතුළුවි අක්කකර තුනක භූමි ප්‍රමාණයක් එළිපෙහෙලි කර ගිනිතැබීමට සූදානම් කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගල්කිරියාගම පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 18.75ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය කඳවුරේ නිලධාරි පිරිසක් පට්ටිපොළ පොලිස් වසමේ වැටලිමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 15ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් රුවන්වැල්ල පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීතිවිරෝධි මත්පැන් 33.75ක් හා ගෝඩා ලිටර් 180ක් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments