බලපත්‍ර නැතිව විදේශීය නිෂ්පාදිත Baikal වර්ගයේ බෝර 12 ෂොට්ගන් අවියක් සහ එම අවිය සඳහා භාවිතා කරන බෝර 12 වර්ගයේ ජිව පතොරමක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ මෙම වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ආර්.එම්.පි. ජයකැළුම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) වන දින පුලස්තිපුර පොලිස් වසමේ තඹාල ධිවර ගම්මානය පිටුපස වෙහෙරගොඩ යාය ආඩිමුල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව විදේශීය නිෂ්පාදිත Baikal වර්ගයේ බෝර 12 ෂොට්ගන් අවියක් සහ එම අවිය සඳහා භාවිතා කරන බෝර 12 වර්ගයේ ජිව පතොරමක් සන්තකයේ තබාගෙන සිටි තඹාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56, 61ක් වන පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පුලස්තිපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විදේශිය රටක නිෂ්පාදිත Baikal වර්ගයේ බෝර 12 ෂොට්ගන් අවියක්,බෝර 12 වර්ගයේ ශොට්ගන් අවියට යොදන ජිව පතොරොම් එකක් එහිදි සොයාගෙන තිබේ.
නීතිවිරෝධීව කේරළ ගංජා, හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකායේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) ඇල්ල පොලිස් වසමේ ගෝවුස්සවත්ත අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීතිවිරෝධීව කේරළ ගංජා, හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සුක්ෂමව ප්ලාස්ටික් බෝලයක් තුල සඟවා සන්තකයේ තබාගෙන සිටි ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා ග්‍රැම් 15.66 යි,හෙරෝයින් ග්‍රැම් 0.38 යි හා අයිස් මද්‍රව්‍ය ග්‍රැම් 0.22 එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය තවත් වැටලීම් සිදුකර සංවිධානාත්මක අපරාධ 11හි නිලධාරින් කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. බුද්ධි කොට්ඨාසයේ නිලධාරී පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. සංවිධානාත්මක අපරාධ 1හි නිලධාරී පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. හපුතලේ කඳවරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්ද්‍රව්‍ය වන කේරළ ගංජා , හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඇල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. උඩවලව කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් තුනකදී නීති විරෝධි ලෙස වගාකර තිබු ගංජා වගාවන් තුනක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ෂොට්ගන් අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පූගොඩ පොලිස් වෙත භාරදී ඇත. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් සහ ගෝඩා තොගයක් සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දංඕවිට පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. දෙනියාය කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදි බලපත්‍ර නැතිව පස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අකුරැස්ස පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අරලගංවිල කඳුවුරේ නිලධාරි පිරිසක් හා සිවිල් ආරක්ෂක නිලධාරි පිරිසක් සමග ඒකාබද්ධව සිදුකළ වැටලීමකදි අංක තහඩු නැති යතුරු පැදියක්, ලොරි රථයකින් පටවාගෙන යෑමේදී එය මාර්ග බාධකයේ නතර කර පරක්ෂා කර අංක තහඩු හා චැසි අංක නොගැලපීම හේතුවෙන් පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.