29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්.දැලේ.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්.දැලේ.

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක එච්.ජී.එච්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) පෑලියගොඩ පොලිස් වසමේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු ළග තිබී මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 30, මි.ග්‍රෑමි 700 ක් සහ මුදලින් රුපියල් 10,2000 ක් ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් පෑලියගොඩ පොලිස් බලප්‍රදේශයේ දුටුගැමුණු මාවත පෑලියගොඩ යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිටදි කේරළ ගංජා සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාශයේ නිලධාරි පිරිසක් පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ දුටුගැමුණු මාවත පෑලියගොඩ යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිටදි හෙරොයින් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් කඩවත පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙනතිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් ජාඇල පොලිස් වසමේ දඩුගම ජාඇල ස්ථානයේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.අලුත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් තීරුබුදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැලි ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් කඩුගන්නාව පොලිස් වසමේ මොටන තොටුපොදෙණිය වත්ත ස්ථානයේදි නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ එම කඳවුර ඉදිරිපිට බලපත් කොන්දේසි උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් අනවසරයෙන් රජයේ කැලෑවට ඇතුළුවී අක්කර එකක පමණ භූමි ප්‍රමාණයක් එළි පෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් නිලාවේලි පොලිස් වසමේ නෙදුන්කේති එම්බුරක්කි ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments