29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“කර්මාන්ත - 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත...

“කර්මාන්ත – 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත වෙයි.

“කර්මාන්ත – 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (03) දින පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්රදදර්ශන ශාලාවේ දී විවෘත කෙරිණි.
මෙරට දැවැන්ත කර්මාන්ත පුනරුදයකට අවශ්යම මග නිර්මාණය කරමින් ආරම්භ වන ජාතික වැඩපිළිවෙළක තවත් ජයග්රාතහී පියවරක් ලෙස ආරම්භ වූ “කර්මාන්ත – 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (03) සිට ලබන 06 වැනිදා දක්වා පැවැත්වෙයි.
කර්මාන්ත අමාත්යාං්ශයේ මඟපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධාන කරන මෙම කර්මාන්ත ප්රතදර්ශනයට මෙරට ප්රවමුඛතම කර්මාන්ත ක්ෂේත්ර 20ක් නියෝජනය කරමින් ඉදිරි පෙළ කර්මාන්තකරුවෝ ප්‍රදර්ශන කුටි 300ක් ඉදිරිපත් කරති.
මෙහිදී ප්‍රදර්ශන අත්පොත කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්ය ක්ෂ ජනරාල් පී.එල්.යූ. රත්නමලල මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.
දේශියව නිෂ්පාදනය කළ සහ දේශියව එකලස් කළ විවිධ මාදිලියන්ගේ රථ වලින් සුසැදි රථ පෙළපාලියක්ද මෙහි දී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා…………
පසුගිය වසර දෙක අපේ රටේ කර්මාන්ත කරුවන් ඉතා ප්‍රබල අභියෝග වලට මුහුණ දෙමින් ගමන් කරපු පරිච්ඡේදයක්. පාස්කු ඉරිදා ප්රතහාරත් එක්ක ඇතිවෙච්ච රටේ වාතාවරණය වගේම ඉන් අනතුරුව ඇතිවෙච්ච වසංගත තත්ත්වය මේ රටේ කර්මාන්තකරුවාට සෙසු ජනකොටස් වලට වඩා අභියෝග රැසක් නිර්මාණය කළා. ඒත් මේ සියලු දෙනාම රජය ලබා දුන් ඇතැම් සහනදායි වාතාවරණයන් පිළිගෙන, පැමිණි සෑම වේදනාවක්ම, දුකක්ම පැණි රසයි කියා හිතාගෙන මේ දුෂ්කරතා අභියෝග මධ්ය යේ අපේ රටේ කර්මාන්තකරණයේ සුවිශාල ඉදිරි පියවර රැසක් ගෙවුණු වසර දෙකක කාලය තුළ තබා තිබෙනවා.
අපට පුළුවන් වුණා වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සැලකිය යුතු ප්රගබෝධයක් ඇති කරන්න. සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් sop එක අමාත්ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් අපි එළි දැක්වුවාට පස්සේ.

එතෙක් පැවති වාහන එකලස් කිරීමේ කර්මාන්ත සමාගම් 3ක සුළු ප්‍රමාණය වෙනුවට අද සමාගම් 12ක් මේ රටේ දේශීයව අගය එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ ප්‍රබෝධමත්ව අභියෝගතා මැද ඉදිරියට යමින් සිටිනවා.
එවැනි කර්මාන්ත රටක දියුණු වෙනවයි කියන්නෙ ඒ ආශ්රිනත තවත් උප කර්මාන්ත රැසකකට ජීවනෝපාය මාර්ගය පැවැත්ම සහ සංවර්ධනය හිමි කර දෙනව කියන එකයි. ඒ වගේම තවත් බොහෝ කර්මාන්ත ක්ෂේත්‍රවලට උපදේශක කාරක සභා විසි එකක් පිහිටුවල ඒ උපදේශක සභා මගින් ඒ ඒ කර්මාන්ත ක්ෂේත්රරයට අදාල උපායමාර්ගික සැලැස්ම සකස් කර ගැනීමේ කටයුතු අද අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්තකරණ ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොතිබිච්ච අපේ රටේ එම ජාතික ප්‍රතිපත්තිය සකස් කරගෙන තව නොබෝ දිනකින් එය මහජන අදහස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන අදහස් වලින් පසුව අවශ්යන සංශෝධනය කරයි. අනතුරුව අමාත්යත මණ්ඩලයේ අනුමැතිය අරගෙන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය අපේ රටේ පිළිගත් කර්මාන්ත ප්‍රතිපත්තියක් හැටියට බලගැන්වීම සඳහා අපේ අමාත්‍යාංශය සියලු කටයුතු සිදුකරමින් තිබෙනවා.
ගරු අග්රාපමාත්ය තුමනි, කර්මාන්තකරණයෙන් දියුණු වෙච්ච ඒ හැම රටකම කර්මාන්ත කරුවා වෙනුවෙන් වූ මූල්ය ආයතන පද්ධතියක් තිබෙනවා. බැංකුකරණය තිබෙනවා. ඒ වගේම කර්මාන්තකරණයේ දියුණු වෙච්ච රටවල් හොඳ ව්යාධපෘති වාර්තාවක් තිබෙනවා නම් පිළිගත හැකි ඵලදායි ඇප කොන්දේසි ලිහිල් කරලා ඒ අය වෙනුවෙන් ඒ අවදානම දරාගෙන ඒ ආයෝජනයට පහසුකම් සපයනවා.

නිදහසින් පස්සේ සිරිමාවෝ බණ්ඩාරනනායක මැතිණියගේ සමයේ ලංකාව කාර්මීකරණයට සැළකිය යුතු මට්ටමකින් මැදිහත් වන විට ඒ ප්රනතිපත්තිය ඒ කාර්මීකරණයට බරවුණු ගමන දිගු කාලීනව සුරක්ෂිතව ඉදිරියට ගෙනියන්න අවාසනාවකට අපට පුළුවන්කමක් ලැබුණේ නැහැ.
අපේ හතර කණු ශක්තිමත්ව මේ පොළොවේ තබාගැනීමට කලින් විවෘත වෙළඳපොළ ආර්ථිකයට ක්ෂණිකවම මාරු උනා. ඒකත් එක්කම ඒ හමාගෙන ආපු මහා සුළගින් දේශීය කර්මාන්ත අසරණ තත්ත්වයකට ඇද වැටුණා. දැන් අපි නැවතත් ඒ ආපු ගමන එක්තරා ආකාරයට අවසානයකට ඇවිත් තිබෙනවා.
අද අපි ඉන්නේ අපිට ගෙවන්න තියෙන ණය වාරිකය ඇතුළු බොහෝ දේවල් ගෙවීමට දුෂ්කර තත්ත්වයකට පත් වෙච්ච අවස්ථාවක. අපි මේ එදිනෙදා පරිභෝජනයට උවමනාකරන දෛනික භාණ්ඩ වෙනදා වගේ සපයා ගැනීමේ නොහැකිවීමේ දුෂ්කරතාවයකට මුහුණ දී සිටිනවා. රුපියල් අර්බුදයක නෙමෙයි අපි ඉන්නේ. විදේශ විනිමය අර්බුදයක. ඒ විදේශ විනිමය අර්බුදය විසින් අද අපිට බල කරලා තිබෙනවා අකැමැත්තෙන් හෝ ඇතැම් ආනයන සීමා කරන්න. ඒ ඇතැම් ආනයන සීමා කිරීමට ගත් තීරණය කෙටිකාලීනව දුෂ්කරතා මතු වුණත් අද ඇතැම් කර්මාන්තය ගත්තොත් ඒ කර්මාන්තයත් සැලකිය යුතු වශයෙන් ධාරිතාවය වැඩි කරගනිමින් දේශීය අවශ්ය තාවයට අවශ්ය සම්පූර්ණ නිෂ්පාදනය කරන්න කටයුතු කරමින් ඉන්නවා.

ඔවුන් ධනය උපදවීම සඳහා කෙටි මාවත් හොයන්නන් නෙමෙයි. ඔවුන් තමන් උපන් මාතෘ භූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් කරන්නේ. තමන් උපන් රටට බරක් වෙන්න හැමෝටම පුලුවන් උනාට තමන් උපන් රටට අගය එකතු කරන්න හැමෝටම බැහැ යැයි අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments