22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ලංකා සතොසෙන් භාණ්ඩ වර්ග පහක් ඇතුළත් තවත් සහන මල්ලක් රු.998/=කට.

ලංකා සතොසෙන් භාණ්ඩ වර්ග පහක් ඇතුළත් තවත් සහන මල්ලක් රු.998/=කට.

ලංකා සතොස මගින් භාණ්ඩ වර්ග 05ක් ඇතුළත් තවත් සහන මල්ලක් රුපියල් 998/= කට ලබාගැනීම සඳහා පාරිභෝගිකයාට වෙත පහසුකම් සලසා ඇත. එම සහන මල්ලට නාඩු කිලෝ 05ක්, සතොස නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, තායි හාල්මැස්සන් ග්‍රෑම් 100ක්, තේ ග්‍රෑම් 100ක්, කහකුඩු ග්‍රෑම් 100ක් යන භාණ්ඩ ඇතුළත්වේ.

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල තුලින් මෙරට පාරිභෝගිකයාට අහිතකර පීඩනයක් ඇති නොවීම සඳහා රාජ්‍ය අලෙවිසැල් ජාලය හරහා සහන සැලසීම වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාතය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු යොදා තිබේ.

මෙම භාණ්ඩ වර්ග පහ පිළිබඳ සිදුකළ වෙළෙඳපොළ මිල සමීක්ෂණයකදී අනාවරණයවු පරිදි ලංකා සතොසෙන් ලබා ගන්නා මෙම සහන මල්ල තුලින් සමස්තයක් වශයෙන් රුපියල් දහසක පමණ වාසියක් පාරිභෝගිකයා වෙත ලැබෙන බවද අමාත්‍යාවරයා පෙන්වාදුන්නේය. එමෙන්ම ලංකා සතොස අලෙවිසැල් නැති ප්‍රදේශවල ජනතාවට 1998 ක්ෂණික දුරකත අංකය ඇමතීමෙන් එම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතියි.

ඒ අනුව යම් පාරිභෝගිකයකුට තමා අතැති මුදලට සහන මල්ලක් ලබාගැනීමට හැකියාව සලසා ඇති බවත්, මෙම ව්‍යාපෘති කිසිවක් හරහා වෙනත් කිසිදු පාර්ශයක් සමග තරඟකාරි වෙළෙඳ කටයුතු වල නියැලීමක් අපේක්ෂා නොකරන බවත් අමාත්‍යවරයා වැඩි
දුරටත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments