පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (05) ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් ගණේමුල්ල පොලිස් වසමේ වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 87.57ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරි පිරිසක් කඩුවෙල පොලිස් වසමේ වැටලීමක් සිදුකර අයස් ග්‍රෑම් පහක් සහ Pre Gab මත්පෙති 10ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පයාගල පොලිස් වසමේ වැටලිමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වව්නියාව පොලිස් වසමේ වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කිලිනොච්චිය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලිමෙක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් අසූවක් සහ ගෝඩා ලීටර් 486.75ක් සැකකරුවන් නැතිව සොයාගෙන තිබේ. අම්පාර කඳවුරේ නිලධාරි පිරිසක් දමන පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීම් හතරක් සිදුකර බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් සිටි සිව්දෙනකු සමග ට්‍රැක්ටර් රථ හතරක් අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් කොක්කඩිචෝල පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 37.75ක් ගෝඩා ලීටර් 495ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් මාරවිල පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීතිවිරෝධි මත්පැන් ලීටර් 37.75ක් සහ ගෝඩා ලීටර් 755ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවාකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලිමක් සිදුකර නීති විරෝධි ලෙස කේරළ ගංජා ග්‍රෑම් 8.33ක් ළඟ තබාගෙන සිටි අයක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් වත්තේගම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 4.9ක් ළඟ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් කොස්ලන්ද පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස අක්කර 1/4ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු අඩි පහක් පමණ උස ගංජා වගාවක් සොයාගැනීමට හැකිවි ඇත. රත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් බටපොල පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි තහනම් පිහි සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. එම කඳවුරේම නිලධාරි පිරිසක් එම පොලිස් වසමේම වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 110ක්, ගෝඩා ලීටර් 180ක් සහ පෙරීමට යොදාගන්න උපකරණ සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.