ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වැනි නිදහස් දිනය මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කරුණාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජාතික කොඩිය එසවීය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ජාතික ධජය ඔසවමින් ජාතික ගීය වාදනය කලේය.
ජනාධිපතිවරයාගේ නිදහස් දින දේශනයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ දේශනයක් ද පැවැත්විණි.
ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික් හිටපු දිසාපති එස්.පුන්නිමූර්ති මහතාට රන් ඔතා මල්මාලා පළඳවා උපහාරයක්ද පිරිනැමුණු අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අමුත්තන් විසින් පැළ රෝපණය කරන ලදී.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සදහා ප්‍රභූවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

