රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF අරමුදල්වලට ද අතතියන්නට පටන් ගෙන ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
(08) පැවැති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ රටතුළ මූල්‍ය අර්බුදයත් බලශක්තිඅර්බුදයත් ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇතිබවය
“මේ දවස්ව ලඉන්ධන මිලේ යම් ඉහළ යාමක් ලෝක වෙළඳපොලේ තිබුණත් විශේෂ පෙට්රල්වලින්රු. 60-80 අතර බදු අය කරගැනීමක් කරනවා. ඩීසල් ලීටරයකින් රු.20-30 අතර බදු අය කර ගැනීමක් කරනවා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඬලයට ලබාදෙන ඩීසල් සහ අනෙකුත් දැවි තෙල්වල මිල ගණන් එක්ක බලන කොට, අද ලංකා විදුලිබල මණ්ඬලය ඉතාම දරුණු මූල්‍ය අර්බුදයක ඉන්නේ. ඒ වගේම, කොහොමහරි විසිහතරපැයම විදුලියදෙන්න දැන් දීලාතියෙන නියෝග ක්‍රිත්මක කරන්න ගිහිල්ලා, 85% තිබුණු ජලවිදුලිතත්වය 50% ට වැටිලා තියෙනවා.”
නිරිතදිග මෝසම අනුව වැසි බලාපොරොත්තුවිය හැක්කේ මැයි මාසයේදී ය. නමුත් මාර්තු අගවන විට අතිශය බරපතළ ලෙස ජලවිදුලි අර්බුදයකට ලංකාවට මුහුණදීමට සිදුවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වාදෙයි. කිසිම දෙයක සැලසුමකින් තොරව ලංකාව ගමන් කරමින් තිබේ.
බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරකය. තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙනණයවලින් 52%ක් ම ලංකා ආණ්ඩුව ලබාගෙන තිබේ. අනෙකුත් තැන්පත්කරුවන්ට ලබාදී තිබෙන්නේ 48% ක් පමණි. රාජ්‍ය බැංකුපද්ධතිය, පතුලටම හූරාකෑමෙන් නොනැවතී
ආණ්ඩුව සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වලට ද අතතැබීමට කටයුතු කරගෙන යයි.
“EPF, ETFවලින් 25% ක බද්දක් අය කරගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළබව කියනවා. ඒකටත් අතතියන්නයන්නේ. කොහොමත්EPF, ETFඅරමුදලඉතාමත්ම පහළ මට්ටමෙන් යොදාගත්තා මහබැංකුව විසින්. තමන්ට ඕන ආකාරයට රටේ පොලී අනුපාතය හසුරුවන්න. ඒ නිසාEPF, ETFවලට දායක වෙලා ඉන්න දසලක්ෂ සංඛ්‍යාත පිරිස්වලට විශාල අසාධාරණයක් දැනටමත් සිද්ධවෙලා තියෙන්නේ. මොකද අඩුපොළි පවත්වාගෙන යන්නේ EPF, ETFඅරමුදල් පාවිච්චි කරපු නිසා. දැන් ඒකට කොරේ පිටට මරේකිව්වාවගේ ඒ ජනතාව මත්තේම තවත් බදු ප්‍රමාණයක් ඇතුළත් කරගැනීම තමයි මෙයින් සිදුවෙන්නේ.”
රටේ භාවිත කළහැකි, ඩොලර් බවට පත් කළ හැකි සංචිත ප්‍රමාණය භයානක ලෙස පහත වැටී තිබේ. ඉතිරිව ඇත්තේ ඩොලර්මිලියන 500 ක පමණ ප්‍රමාණයකි. කිසිම විසඳුමකින් තොරව අතමාරු හරහා ගමන් කරමින් සිටින අතරේ වැඩලක්ෂයක් කියමින් බිලියන සියගණනක් වියදම්කරමින්පවතී. අධිවේගී මාර්ග පද්ධතිය සඳහා දේශීය ආයෝජකයින්ට ණය ලබාදීමට යයි.
“මේවා ඇත්තටම අද මේ රටේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පෙබරවාරි 3 දා මහබැංකුවේ රුපියල් හිඟයරු. බිලියන 579 ක්. මහබැංකුවාර්තා අනුව මහබැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර්බිලියන 1.9 ක්. සමස්ත බැංකු පද්ධතිය සෘණ ඩොලර්බිලියන 4.5 ක්.”
මාර්තු මාසය වන විට අස්වැන්න පිළිබඳ තියෙන යථාර්ථය එළිවනු ඇතිබව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. ඉන්පසු සහල්මිල මීටත් වඩා විශාල වශයෙන් ඉහළයනු ඇත. ඊට පිළියමක් ලෙස දැන් කරන්නේ අතේ තිබෙන ඩොලර්ටික පාවිච්චි කොට මියන්මාරයෙන් ඉන්දියාවෙන් හාල් ගෙන්වීමට යාමය.
“ශ්‍රී ලාංකීය ගොවියා වට්ටලා විදේශ ගොවියාට සහන දෙන මට්ටම තමයි අපට අද පේන්න තියෙන්නේ. ඉතින්මේ ඉදිරියේ ආණ්ඩුව දැන් බොහොම බලගතු ආකාරයට වියරු වැටිලා තියෙනවා.
රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF අරමුදල්වලට ද අතතියන්නට පටන් ගෙන. පා.ම. පාඨලී චම්පික
RELATED ARTICLES