23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරුපියල් මිලියන 309 ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත්...

රුපියල් මිලියන 309 ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීක්ෂණය කොට නිල වශයෙන් විවෘත කෙරේ.

අධිකරණ අමාත්‍යාංශයේ යුක්තියට ප්‍රවේශයක් (Access to Justice ) අධිකරණාභිමාන උතුරු පළාත් ජන අභිමුව ජංගම සේවයට සමගාමීව සෞභාග්‍යයේ දැක්ම රට ‌ගොඩනැගීමේ ජාතික ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින් රුපියල් මිලියන 309 ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීක්ෂණය කොට නිල වශයෙන් විවෘත කිරීම ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මෙහිදී අදහස් පළ කරමින් ගරු අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ උතුරු පළාතේ ජනතාවට පවතින ගැටළු විසදීම සදහා වත්මන් රජය විශේෂ  අවධානයක් යොමු කරමින් අධිකරණ අමාත්‍යාංශයේ  යුක්තියට ප්‍රවේශයක් ජංගම‌ සේවය උතුරු පළාතේ පවත්වනු ලබන බවයි . මෙම ජංගම සේවය තුළින් පළාතේ ජනතාවට අධිකරණ අමාත්‍යාංශය හා ඒ් යටතේ පවතින ආයතනවලින් ලබා දෙනු ලබන සේවාවන් කාර්යක්ෂමව වඩාත් සමීපව ලබාදීමට කටයුතු කර ඇති  බවත්, සදහන් කළේය .

අතුරුදහන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්‍රතිසංන්ධානය සදහා වු කාර්යාලයෙන් උතුරේ ජනතාවට ලබා දෙනු ලබන සේවාව තවදුරටත් ඉහල නංවමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇති බවත්, රටක් ලෙස ඉදිරියට යාම සදහා ස්වාධීන අධිකරණ පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් වත්මන් රජය යටතේ අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කටයුතු කර  ඇති බවද සදහන් කරන ලදී .

අතුරුදහන් වුවන් සදහා වු කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය  පිළිබදව වු කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය ඇතුළු අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් උතුරේ ජනතාවට ලබා දිය හැකි සේවාවන් උපරිම ආකාරයට ලබාදීමට පියවර ගෙන ඇති බවත් ,රටක් ලෙස ඉදිරියට යාමට නම් ජාති ආගම් භේදවලින් තොර සියලු දෙනා ඒක්ව  ශ්‍රී ලාංකීකයින් ලෙස කටයුතු කළ යුතු බව ද සදහන් කළේය .

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් M.M.P.K.මායාදුන්නෙ මහතා ඇතුළු විනිසුරුතුමන්ලා  හා නීතිඥයින් මෙම අවස්ථාවට සහභාගි විය.

මුලතිව් දිසා/මහේස්ත්‍රාත් අධිකරණය නිරීක්ෂණය කොට නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී , අධිකරණ අමාත්‍යංශයේ Access to Justice ( යුක්‍තිය ප්‍රවේශයක් ) උතුරු පළාත් ජංගම සේවයට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව සහ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පවත්වනු ලැබූ විශේෂ ජංගම සේවා අවස්ථාවට එක්විය. එහිදී අමාත්‍යතුමන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ දෙමාපියන් සමග සාකච්ඡා කරමින් නිළධාරින් සමග එක්ව එම ගැටළු සදහා කඩිනමින් ලබාදිය හැකි විසදුම් පිළිබඳව සොයා බලනු ලැබිණි.

අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව පූර්ණ දැනුවත්භාවය සහ ඒ ඔස්සේ ගොඩනැගෙන සහයෝගීතාවය තුළින් රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ජනහිතාවාදී සේවයක් බවට පත්කිරීමේ අරමුණෙන් උතුරු පළාතෙන් ආරම්භ කළ Access to Justice ( යුක්‍තියට ප්‍රවේශයක් ) ජංගම සේවයට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමග වූ විශේෂ සාකච්ඡාවට ද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමන් එක්විය. මෙහිදී දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටළු , යුද්ධය නිසා අවතැන්වීම පිළිබඳ ගැටළු , වනජීවි සහ වන සංරක්ෂණ ආශ්‍රිත ගැටළු , අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ ගැටළු , බිම්බෝම්බ ඉවත්කිරීම් වැනි පශ්චාත් යුධ තත්වයන් තුළ ඇතිවූ ගැටළු , නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළු ආදි බොහෝ ගැටළු සදහා අධිකරණ ක්ෂේත්‍රය තුළින් විසදුම් ලබගැනිමේදී මතුවන තත්වයන් නිරාකරණය කරගැනීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments