24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsවිදෙස් රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පානදුර සලඳුගේ ප්‍රධාන ගෝලයා ඩිලාන්...

විදෙස් රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පානදුර සලඳුගේ ප්‍රධාන ගෝලයා ඩිලාන් සමීර නොහොත් අබ්බා එස්.ටී.එෆ්. සමග ඇතිවු වෙඩි හුවමාරුවකදි වෙඩි ප්‍රහාරයකට ලක්වි මියයයි.

විදෙස් රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර සලඳුගේ ප්‍රධානතම ගෝලයා වන ඩිලාන් සමීර නොහොත් අබ්බා විශේෂ කාර්ය බලකායට වෙඩි ප්‍රහාරයක් එල්ල කල අතර පුද්ගලික ආරක්ෂාව යටතේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ප්‍රති ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වී තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ නියෝග පරිදි මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් සහ ව්ශේෂ මෙහෙයුම් අංශ 111 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) එගොඩ උයන පොලිස් වසමේ අංක 266/15, ඉසුරුසිරි මාවත, මෝදර, මොරටුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර විශේෂ කාර්ය බලකාය නිලධාරින්ට එගොඩ උයන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන ලද තොරතුරකට අනුව අංක 266/15, ඉසුරුසිරි මාවත, මෝදර, මොරටුව ලිපිනයේ පදිංචි නිවස පරික්‍ෂාවට ලක් කිරීමේදී කිරීමේදී නිවසේ රැදී සිටි පුද්ගලයකු එල්ල කරන ලැබු වෙඩි ප්‍රහාරයකට විශේෂ කාර්ය බලකාය නිලධාරියකු වෙඩි වැදී තුවල ලබා රෝහල් ගතකර ඇති අතර නිලධාරින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමෙන් පසු වෙඩි ප්‍රහාරයට ලක් වු වයස අවුරුදු 27 සැකකරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. වෙඩ් තැබීම සිදු වන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන එගොඩ උයන පොලිස්ථානය වෙත භාර දී ඇත.

මෙම පුද්ගලයන් ඩුබායිහි රැදී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර සලිඳු නැමැත්තාගේ සමීපතම ප්‍රධාන ගෝලයකු වන ඩිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා බවට තොරතුරු අණාවරනය වී ඇත. මියගිය පුද්ගලයා මිනී මැරුමකට සහ අපරාධ රාෂියකට අවශ්‍යව සිටි පුද්ගලයකු වන අතර මොහු මීට මාස කිහිපයකට පෙර කාන්තාවක් කපා කොටා බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සලිඳුගේ උපදෙස් පරිදි ඇම්බියුලන්ස් රථයකට වෙඩි තිබීම, පානදුර නගරයේ ත්‍රී රෝද රථයකින් පන්නා ගොස් ටී 56 කින් පුද්ගලයකු ඝාතනය කිරීම, හොරණ පුද්ගලයකුගේ අත් කැපීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මිනී මැරුම් හා අපරාධ ගණනකට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
තවද (11) 85 වර්ගයේ අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 30ක මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන එගොඩ උයන පොලිස්ථානය වෙත භාර දී ඇත.

මියගිය පුද්ගලයා තෙල්ගේ ඩිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා.
වයස අවු: 27 යි.
ජා.හැ. අංක 952893076V.
ලිපිනය අංක 17, ජාතික නිවාස, එගොඩ උයන, මොරටුව.

අත්අඩංගුවට ගත් අවිය ව්දේශීය රටක නිෂ්පාදිත මැගසිනයයක් සහිත මි.මි 09 වර්ගයේ පිස්තෝල අවි 01 යි

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු: 34 යි.
ලිපිනය මදුරුදුව පාර, දෙදිවල වස්කඩුව.

වයස අවු: 30 යි.
ලිපිනය අංක 44/23/බී, කටුකුරුන්ද, මොරටුව.

වයස     අවු: 40 යි.

ලිපිනය ඕවත්ත පාර, මාවනැල්ල.

වයස අවු: 40 යි.
ලිපිනය අංක 266/15, ඉසුරුසිරි මාවත, මෝදර, මොරටුව.

වයස අවු: 30 යි.
ලිපිනයඅංක 444/5, දිනසිරි මාවත, එගොඩ උයන, මොරටුව.

වයස අවු: 42 යි.
ලිපිනය :- අංක 337/2, මුඩ්රියල් වත්ත, මෝදර, මොරටුව

අත්අඩංගුවට ගත් බෝම්බය සන්තකයේ තබාගත් සැකකරු වයස අවු: 30 යි.
ලිපිනය අංක 16, ජාතික නිවාස ක්‍රමය, මෝදර, මොරටුව.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments