පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (12) කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් හයසීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් 205ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් විස්සක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක සහිත මුදල් හැත්තෑ දහස් දේසීයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කැලණි ගඟේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලිකැණීම් කර ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් රජයේ කැලෑ ප්‍රදේශයකට අනවසරයෙන් ඇතුළුවි අක්කර එකහාමාරක පමණ ප්‍රදේශයක කැලෑව කපා එළිපෙහෙලි කළ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සමන්තුරය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව කරුවච්චෝල ඇළ තුලට ට්‍රැක්ටර් රථයක් බස්සවා වැලි කැණීම් කර පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් ගුද මාර්ගය තුල සූක්ෂම ලෙස දුම්කොළ කැබලි දෙකක් සඟවාගෙන පැමිණි රැඳිවයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සැකකරුවෙකු නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 180ක් සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් ග්‍රෑම් දෙකයි, මිලිග්‍රෑම් එකසිය හැත්තෑවක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව අධිවේගි මුරපොළේ නිලධාරි පිරිසක් අධිවේගි මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරි හා පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරි සමග එක්ව හම්බන්තොට පිටවීමේ දොරටුව අසල සිදුකරනු ලැබු මාර්ග බාධක රාජකාරියකදී අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති ළඟ තබාගෙන ප්‍රවාහනය කළ දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හැටක් ළඟ තබාගෙන ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත.