වාහන ආනයන සීමා උල්ලංඝණය කරමින් ආනයනය කළ බව පවසමින් අධිවේගී මාර්ගයේ දුටු බව කියන සුඛෝපභෝගී වාහන දෙකක් ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බව නිරීක්ෂණය වේ.
ආයෝජන මණ්ඬලය යටතේ ලියාපදිංචි ශ්‍රී ලාංකික සමාගමක් අගය එකතු කිරීමෙන් පසු ප්‍රතිඅපනයනය කිරීමේ පදනම මත අදාළ වාහන ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දන්වා සිටී. එම සමාගම කැඩිලැක් එස්කැලේඩ් වාහන දෙකක් එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලි (11) ආයෝජන මණ්ඬලය වෙත ඉදිරිපත් කර අනුමත කරවා ගෙන ඇති බවත් (16) මෙරටට පැමිණීමට නියමිත Mac Maria Saveria නෞකාව මගින් එම වාහන ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා රේගුව මෙයින් තහවුරු කරනු ලැබේ