පොලිස් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තෙරතුරකට අනුව (14) මුහුදු මාර්ගයෙන් රැගෙන ආ සින්තටික් වර්ගයේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුක්ත විෂ (අයිස් ) මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ මන්නාරම ප්‍රදේශයේදි සංවිධානාත්මක අපරාධ 2 නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පංදිචි වයස අවුරුදු 33 හා 45 වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දීර්ඝ කාලයක් මුලුල්ලේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර තිබේ. මෙම සිදුවීම සම්බන්ධව විශේෂ කාර්ය බලකාය සහ මන්නාරම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් වේ.
මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි(13) සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය (11) හි නිලධාරීන් කණ්ඩායමක් මන්නාරම පොලිස් වසමේදී නීතී විරෝධි මත්ද්‍රව්‍යයක් වන මෙතපිටමින් ක්‍රිස්ටල් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම එකයි ග්‍රෑම් දහයක් ළඟ තබාගෙන සිටි අයකු හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය සඳහා සහය දීම සම්බන්ධව සැකකරුවන් 04ක් අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් කුන්චිකුලම් රක්ෂිතයේ නීති විරෝධි ලෙස කපා තිබු බුරුත දැව කඳන් 14ක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේදී නීති විරෝධි මත්පැන් ලීටර් විස්සක් ප්‍රවාහනය සහ ළඟ තබා ගැනීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් දෙමටගොඩ පොලිස් වසමේ හෙරොයින් ග්‍රෑම් විසිපහයි මිලිග්‍රෑම් අනූවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් වැලි පැන්න පොලිස් වසමේදි හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් එකසිය පනහයි ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ කඳවුරේ නිලධාරි පිරිසක් බුලත්සිංහල පොලිස් වසමේදි ගෝඩා ලීටර් අටසීයක් හා භාණ්ඩ ළඟ සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වෙල්ලාලි පොලිස් වසමේදී බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ මගින් පවත්වා ගෙන යනු ලබන කොඩුවාමඩු මාර්ග බාධකයේදී නිලධාරි පිරිසක් නීති විරෝධි ලෙස බලපත්‍ර නැති තේක්ක කඳන් තිස් දෙකක් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් වැලි ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු සමග කැන්ටර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් අගුණකොළපැලැස්ස පොලිස් වසමේදී අජීවි ජීව කවට එකක් (වාලම්පූරියක්) බලපත්‍ර නැතිව විකිණීම සඳහා රැගෙන එනු ලැබු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේදි හෙරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් දෙසියවිස්සක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.