22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedජනතා ගැටලු විසඳීමට පෙරට එන 'පසුපෙලින් අපේ හඬ'සංවිධානයට අපි උපරිම සහයෝගය ලබාදිය...

ජනතා ගැටලු විසඳීමට පෙරට එන ‘පසුපෙලින් අපේ හඬ’සංවිධානයට අපි උපරිම සහයෝගය ලබාදිය යුතුයි – කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ

ජනතාවගේ ගැටලු විසඳීමට රජය ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතුයි. ඒ සඳහා තරුණ මන්ත්‍රීවරු ලෙස පසුපෙල අපේ හඬ සංවිධානය පෙරට එනවානම් අපි ඊට සහයෝගය ලබාදියු යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ(04) නාරහෙන්පිට අභයාරාමයේදි එහි විහාරාධිපති මුරත්තෙට්ටුවේ ආනාන්ද හිමියෝගේ ප්‍රධානත්වයෙන් පැවැති පසුපෙළේ අපේ හඬ සංවිධානයේ මන්ත්‍රීවරු සිදුකළ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මුරුත්තෙට්ටුවේ හිමියෝ මෙසේද කීහ……………අද පසුපෙල මන්ත්‍රීවරු අද අභයාරාම විහාරස්ථානයට පැමිණියා.ඒ අයව අපි සතුටින් පිළිගත්තා. ඒකට හේතුව මේ ආණ්ඩුව බලයට ගෙනාවේ රටේ ප්‍රශ්න විසඳන්න. රටවැසියා වැටිලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩ අරගෙන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය සාර්ථක කරගනිමින් ඉදිරියට ගෙන යන්න. එය අපේ පසුපෙල මන්ත්‍රීවරුන්ට ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ අය ජනතාවගේ අඩුපාඩුකම් සොයා බලමින් සාකච්ඡා කරමින් සිටිනවා. අපි සෑම විටම සළකන්නේ ප්‍රජාවටයි. ඒ අය අනෙක් පැත්ත ගැහුවොත් අපිට කව්රුත් නැහැ. අපිට තනතුරු ලැබෙන්නේ පස්සේ. අපි නිරන්තරයෙන් ප්‍රජාවගේ ඕනේ එපාකම් බැලිය යුතුයි.

අද මම බොහෝම සන්තෝෂ වුණා පසුපෙල මන්ත්‍රීවරු කිහිප දෙනකුම ඇවිල්ලා ජනතා ප්‍රශ්න කතා කිරීම පිළිබඳව. අපිට ජනතාවට දුක්දීලා , ඒ අය බඩගින්නේ තබලා ඒ අය තරහ කරගෙන අපිට ගමනක් යන්න බැහැ. ඒ නිසා මම පසුපෙල මන්ත්‍රීවරුන්ට ආශිර්වාද කරන්නේ ඒ අයගේ ගමන විධිමත් කරලා අපේ රටවැසි ජනතාව වෙනුවෙන් අපි විසින් අපි ගමනක් සකස් කරමු. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න විශාල ශක්තියක් තමයි අපේ පසුපෙල මන්ත්‍රීවරු. ඒ අය නොමග ගියොත් ලොකු හානියක් වෙනවා.ඒ නිසා ඒ අයත් අපි සම්බන්ධ කරගෙන ඔවුන්ව තවත් දියුණු කරගෙන බලාපොරොත්තු වන්නේ සිංහල,දෙමල, මුස්ලිම්, බර්ගර් හා මැලේ සෑම ජනකොටසක්ම සහෝදරත්වයෙන් ඒකීය ලංකාව තුල ජීවත් කරවීමයි. ඒ සඳහා තමයි අපේ මෙම ප්‍රයත්නය. ඒ නිසා නවක මන්ත්‍රීවරුන්ගේ ඇප කැපවීම ඉතාම අවශ්‍යයි. මේ අවස්ථාවේ ජනතාවට නොයෙකුත් කරදර ඇතිවෙලා තිබෙනවා.ගෑස්, පොහොර ඇතුළු ජීවත්වීමේ ගැටලු තිබෙනවා. මේ සියල්ලම අපිට පුළුවන් නිවැරැදි මාවතකට අරගන්න.

ඒ සමගම කළ දුටුකළ වල ඉස ගන්න සංකල්පය මත කොයි වේලාවේ ආණ්ඩුව ඩැහැගන්න හැකිද තව පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ අය රටට නොවේ තමන්ට ආදරය ඇති පිරිසක්. අපිට අවශ්‍ය රටට ආදරය ඇති මිනිසුන් ගොඩ නගන්නයි. ඒ කාර්ය භාර්ය ගමට ගිහිල්ලා කරන්න මේ ජනතාවට පුළුවන්.

වර්ජනය වැඩකරන පන්තියේ අයිතියක් නමුත් වරජනය කළ යුතු වේලාවන් තිබෙනවා. මේ රටේ ආර්ථික අහේනියක් ඇතිවු වේලාවට,වසංගතයක් තිබෙන අවස්ථාවක,දරුවන්ගේ විභාගයක් තිබෙන වේලාවක මෙවැනි වර්ජන කිරීම අනුමත කරන්න බැහැ. මේ අය සියලු දෙනා තමන්ගේ පැවැත්ම ඉදිරි ගමන් ගැන තමයි කල්පනා කරන්නේ. 1966න් පස්සේ මම දැකලා නැහැ සෞඛ්‍ය අංශයේ පරිපාලනය දුර්වලවු එකම අවස්ථාව මෙයයි. කෙහෙළිය ඇමැතිවරයාට මෙය උස්සන්න උත්සහ ගන්නවා නමුත් ඊට ඉඩක් දෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා……….අද විශාල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන්න සූදානම් වෙනවා සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල සම්බන්ධයෙන් මුදල් අධිභාර පනත යටතේ ලබාගන්නවා කිය කරුණ යටතේ. අපි ට ඒ ගැන කියන්න තිබෙන්නේ නිකං බිල්ලෝ මවන්න එපා. අපේ රටේ බදු ගන්න ක්‍රම දෙකයි තිබෙන්නේ සෘජුබදු හා වක්‍රබදු වලිනුයි. විශේෂයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් හැටහතර දෙනකුගෙන් තමයි මෙම බදු අය කරන්න සූදානම් වන්නේ. ඒ ඇතුළේ තමයි ඊ.පි.එෆ්., ඊ.ටි.එෆ්. තිබෙන්නේ. මිලියන දෙදහසකට වැඩි ලාභ ලබන සමාගම්වලින් තමයි මේ මුදල ලබාගන්න තීරණය කර තිබෙන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් විමසා සිටිනවා අපි මෙම අය කිරීම නවත්වලා අහිංසක ජනතාව පීඩනයට පත් කරන පරිප්පු, සීනිවලින් මෙම බදු අයකරනවාටද ඔබ තුමා කැමැති කියලා. මේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් අයකරන බදු මුදල් වලින් වැඩ ලක්ෂයක් වැඩසටහන මගින් ලබාදෙන්න හදන්නේ ජනතාවටයි. කව්රුත් මේ මුදල් සාක්කුවේ දමාගන්නේ නැහැ. අපි මෙය ලබාදෙන්නේ ජනතාවාදි ආණ්ඩුවක් ලෙසයි.

ඊ.පි.එෆ්. හා ඊ.ටි.එෆ්. අරමුදල්වල මුදල් ලබාගැනීමේ ගැටලුවක් තිබෙනවා නම් අපි ඊට විරුද්ධයි. කම්කරුවාගේ මුදල් ලබා ගන්න යනවා කියලා බිල්ලෙක් මවන්න යනවා. එම අරමුදල්වල මුදල් විවිධ ව්‍යාපෘතිවල ආයෝජනය කරනවා. එහිදි ලබන ලාභයෙන් කොටසක් කම්කරුවාටත් ලබාදීලා ඉතිරි ලාභය ඉන් කොටසක් ගන්න තමයි තීරණය කරලා තිබෙන්නේ. මේ ගැන අපේම පක්ෂයේ ඇමැතිවරු දන්නේ නැහැ වගේ බබාලා වගේ කතා කරනවා. කම්කරු ඇමැතිවරයා ප්‍රධාන සමහර සුළු පක්ෂවල ඇමැතිවරු ඒ නිසා අපි එම බබා ඇමැතිවරුන්ගෙන අහනවා අයවැයේදි එක අතක් නොවේ අත් දෙකම ඉස්සුවේ බබා ඇමැතිවරුයි. බැසිල් ඇමැතිවරයා මේක හොරොන් කරන්නේ නැහැ කැබිනට් එකට දාලා අනුමත කරගෙනයි ක්‍රියාත්මක කරන්නේ. මේ අරමුදල් දෙක ගැන අපි බැසිල් ඇමැති සමග සාකච්ඡා කෙරුවා. එහිදි එතුමා පසුපෙලින් ඇසෙන අපේ හඬ සමග පැවසුවේ මෙහි ගැටලුවක් තිබෙනවා නම් සංශෝධන ඉදිරිපත් කළ හැකියි කියලයි. එමෙන්ම කම්කරු පන්තියට අගතියක් වන තීරණ වලට අපි අත ඔසවන්නේ නැති බව පැහැදිලිව අපි කියනවා

ආදරවන්තයින්ගේ දිනයේදි අපි බැලුවේ රටට ආදරය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරපු ස්ථානය ලෙස මෙම විහාරස්ථානයට පැමිණිලා අපේ නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකලා. අපි අවවාද අනුශාසනා ගත්තා සහ උන්වහන්සේ සමග එකඟවුණා අපේ ආණ්ඩුවේ තිබෙන යම් යම් අඩුපාඩුකම් සාකච්ඡා කරලා සෘජුවම ගිහිල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපපක්ෂ මහතා සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග කෙළින් කතා කළ හැකි ස්වාමීන් වහන්සේ කෙනකු ලෙස අපි මුරුත්තෙට්ටුවේ නායක හාමුදුරුවෝ සමග තිබෙන ගැටලු වගකීමක් තිබෙන සංවිධානයක් ලෙස පසුපෙලින් ඇසෙන අපේ හඬ ලෙස සාකච්ඡා කෙරුවා අවවාද අනුශාසනා උන්වහන්සේ අපිට ලබාදුන්නා. ඉදිරියේදි මේ රට ගමන් කළ යුතු මාවත ගැන අපිව දැනුවත් කළා.

.

අපේ මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා. රාජිත සේනාරත්නගේ කිඹුල් ව්‍යාපෘතියට සමාන කතා නිර්මාණ කරන්නයි. අපි ආණ්ඩුවට කඩේ යන නාලිකා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුවට විරුද්ධ නාලිකා කියලා නැහැ. මේ සියලු මාධය රටේ තිබෙන තත්ත්වය තමයි ප්‍රචාරය කරන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. දැන් සජිත්ලා, පාඨලීලා, අනුර කුමාරලා දැන් කතාවක් හදන්න පුළුවන් සමහරවිට ආණ්ඩුවට ඇඟිලි දිගුකරන්න හැකියි. ඒ නිසා අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේන් එකහෙලා ඉල්ලා සිටිනවා එක විනාඩියක් ප්‍රමාද නොකර මෙහි පරීක්ෂණ කරලා සත්‍ය තත්ත්වය ගැනට රටට හෙළි කරන්න කියලා. හීනෙන් ජනපති වෙන්න හදන අනුර මේකට එකක් කියාවි, ජීවිතේට ජනපති වෙන්න බැරි සජිත් මේකට තවත් එකක් කියාවි.

අපි කිසි දිනෙක වෘත්තීය වෙදීන්ට වෘත්තිය සමිති නායකයින්ට පොලුවලින් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. නමුත් මෙම වැඩවර්ජනය නිසා රෝහල්වල රෝගීන් මිය යන්න පුළුවන්. ඒ අයගේ දූදරුවන් , දෙමාපීයන් ප්‍රකෝප වෙලා වර්ජනය මෙහෙයවන අයට ප්‍රහාර එල්ල කරයි කියන එක තමයි අපි කියන්නේ. එක සැරයක් ජනපති වෙන්න ගිහිල්ලා පස්ස බිම ඇණ ගත්ත සරත් ෆොන්සේකා කියනවා පසුපෙල සිටින කුරුම්බැට්ටි වගේ මන්ත්‍රීවරු පොලු අරගෙන වර්ජකයින්ට ගහන්න යනවා කියලා. ෆොන්සේකා මහත්තයාට අපි කියන්න කැමැතියි එදා චමල් ඇමැති එනවිට දුවපු එක මතක නැද්ද කියලා. එදා අපි එයාව බේරාගත්තේ. අපි කිසිවිකදීවත් පොලු අරගෙන ගහන්න යන්නේ නමුත් වර්ජනය නිසා පීඩාවට පත් අය පොලු අරගෙන එන්න පුළුවන් කියන කතාව තමයි පැවසුවේ.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මිලාන් ජයතිලක හා සුමිත් උඩුකුඹුර යන මහත්වරුද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments