මේ මොහොත වන විට රට විශාල ආර්ථික අගාධයකට කඩාගෙන වැටිලා .අපි පසුගිය රජය කාලයේ නිවැරදි ආර්ථික කළමනාකරණයකින් යුක්තව මේ රටේ මිනිස්සුන්ගේ පාරිභෝගික ද්‍රව්‍ය ඉතාමත් සාධාරණ මිලකට සපයමින් 2014 ට වඩා අඩු මුදලකට ලබා දෙමින් ඖෂධ සියල්ලම මිල පහත හෙලා ඒවා ඉතාමත් අඩු මුදලකට ලබා දෙමින් ඉන්ධන සියල්ලම මිල අඩු කර ලබාදෙමින් මේ රට ඉතාමත් ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනිච්චා මේ අවුරුදු දෙකක කාලයක ඉඳන් තමයි මේ විනාශය වෙලා තියෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේෙ(23) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෙනකොට අද රටේ ජීවන තත්ත්වය මොකක්ද කියලා රුපියල අවපාත වෙලා අගය කඩාගෙන වැටිලා. එය 50%න් දැන් තියෙන තත්වය අනුව තවත් 50% කින් ඉදිරියට කඩා වැටෙමින් තමයි රුපියල තිබෙන්නේ. ඒ නිසා වාහන මිල 100%න් ඉහළ ගිහින් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල 50% කින් ඉහළ ගිහින් ගෑස් 25% කින් ඉහළ ගිහින් අත්‍යවශ්‍ය ආහාරවල මිල 50%කින් මිල වැඩි වෙලා. එළවළු මිල 100%න් වැඩි වෙලා ආනයන භාණ්ඩවල මිල 40-50 % අතර ප්‍රමාණයකින් වැඩි වෙලා එම නිසා පසුගිය වසරට වඩා මේ රටේ හැම කෙනෙක් අතේම ගිය වසරේ තිබුණු මුදල් වලට වඩා කාල පරිච්ඡේදයේදී මුදල් තිබිය යුතුයි එය 50%කින් එසේ තිබුනොත් තමයි ආදායම 50% කින් වැඩි වෙන්නේ මේ රටේ ජනතාවගේ තැන්පතු වල වටිනාකමක් 50% කින් අඩු වුණා .ETF EPF එන් වලින් ඉතුරු වෙච්ච එහි වටිනාකමක් 50% කින් අඩු වෙලා තමන්ගේ වැටුප් ඒ වටිනාකම 50% කින් අඩු වෙලා තියෙනවා එකම වැඩේ ඉඩම් සහ නිවෙස් වල වටිනාකම 50% කින් වැඩි වෙලා තට්ටු නිවාස වල වටිනාකම 100%න් වැඩි වෙලා ඒ නිසා ජනතාවට මේකෙන් බේරෙන්නනම් තියෙන එකම ක්‍රමය තමයි තමන්ගේ මුදල් ඉඩම් සඳහා සහ නිවාස තට්ටු නිවාස සඳහා ආයෝජනය කිරීම නමුත් ඒක කරන්න පුලුවන් කී දෙනාටද. අතිමහත් බහුතර ජනතාවට එදා වේල කන්න සල්ලි නැතිව මේ ආයෝජනය කරන්නට බැහැ ඒ නිසා අද මහ බැංකුව කියන විනිමය වටිනාකමක් ගැන කියන කතාව විහිළුවක් .අද අපේ නිවාඩ් කබ්රාල් මමැතිතුමා ලංකාවෙ ඉන්න හොඳම විකට නළුවෙක් බවට පත්වෙලා. මේ ප්‍රකාශත් එක්ක එතකොට ඒගොල්ලන්ගෙ ඩොලර් වලට තියෙන වටිනාකම ගැන කියන කතා ඩොලර් ඕන තරම් තියෙන කතා විහිලු ප්‍රෙඩී සිල්වාගේ විහිලු විදිහට ගණන් ගන්නේ.
එතකොට ඩොලර් එකේ නියම වටිනාකම අද 203යි කිව්වට 250ට ඉහළ ගිහින් .ඒ මිලට වත් නැහැ කබ්රාල් මහත්තයාගේ කටින්ම කියනවා ලංකාවේ තමයි ආසියාවේ අඩුම මිලට ඉන්ධන තියෙන්නේ කියලා ලංකාවේ මිල කීයද එයා කියනවා ඩොලර් ශත 88 යි කියලා එහෙම වෙන්නේ කොහොමද රුපියල් 203 මේගොල්ලෝ ගෙ වටිනාකම එතකොට පෙට්‍රල් ලීටරය 207 එතකොට ඩොලර් එකකට වඩා වැඩි වෙන්න ඕන නමුත් මෙයා කියනවා ශත 88 යි කියලා එයා ගණන් හදන්නේ ඩොලර් 1ක් 235 ට එසේ 235 ට හැදුවොත් ගාන ශත 88යි . නිවාඩ් කබ්රාල් 203 ට ඩොලර් එකේ වටිනාකම දැන්මට ඒ අය බිස්නස් කරන්නෙත් 235ට මේක තමයි අද රටේ තත්ත්වය සහ මහ බැංකුවේ තත්වය මෙහෙම රටක් ඉදිරියට යත හැකි ද?
රෝහල්වලට අවශ්‍ය ඖෂධ 250 කට වැඩිය නැහැ .හැම තැනකම අත්‍යවශ්‍ය ඖෂධ පිළිකා ඔෂධ බොහෝ ප්‍රමාණයක් නැහැ හෘද රෝග වලට නැහැ තයිරොක්සින් දියවැඩියාව ඒවා ලංකාවෙ නැහැ ඒ ගැන රජය හෝ ලබන්න ඕන antigen කිට් පවා නැහැ එම නිසා පරීක්ෂණ කරන්නේ නැහැ ජන සමාජය කොච්චර කෝවිඩ් රෝගීන් ඉන්නවද කියලා හොයාගන්න බැහැ රෝගීන් දිගටම මට දුරකථන ඇමතුම් ගන්නවා. ඒ පිළිබඳව පැමිණිලි කරමින් ආධාර ඉල්ලනවා . බොහෝ රෝහල් වල ශල්‍යකර්ම කරන්න අවශ්‍ය දේවල් පාවිච්චි කරන දේවල් බොහොමයක් නැහැ රෝගියට බැන්ඩේජ් එක පවා ගේන්න වෙලා ඒ වගේම තමයි ඔපරේෂන් කරන්නෙ රෝගියා රස්තියාදු වෙන තරමට පුද්ගලික රෝහලකින් සැත්කම කරගන්නත් පුළුවන්.
අද මේ වෙන විට රෝහල් 44ක පැනඩෝල් නැහැ ඒ බව මුලින්ම කිව්වේ මාධ්‍යවේදියෙක් ඔහු එය ලියන්නත් බයයි කිව්වා අද මාධ්‍ය නිදහස කෙලෙසමින් තිබෙනවා ඒ අයට මාධ්‍ය කතෘවරු, අයිතිකරු එකතුවෙලා තහංචි දමලා ආණ්ඩුවක් මේ අතරතුර කරනවා එම නිසා මාද්‍යවේදියා කියනවා ඖෂධ හිගය ලියන්න බැහැ කියනවා.
මම එනවිට නිදහස් සෞඛ්‍ය සේවයක් කිව්වට ස්ටෙන්ට් එකට ඇස් කාචයට කරන සංකයට සේරම දේවල් වලට අහිංසක මිනිස්සුන්ට මුදල් වියදම් කරන්න වුණා කෝටි ප්‍රකෝටි ගණන් ඒ විතරක් නෙමෙයි මේ රටේ ඇටමිදුළු බද්ධ කිරීමක් කරේ නැහැ ලේ පිළිකාවක් ආවොත් රෝගියාට මරණය විතරයි සල්ලි නැත්නම් අවයවයක් බද්ද කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ සියල්ල අපි ආරම්භ කරා අද ඒවා ඔක්කොම අඩාල වෙලා විශාල වියදමක් දරන්න වෙලා. නමුත් එයට රජයට උදව් උපකාරයක් නැහැ ඒවා නොමිලේ දුන්න ඒවා
අපි තමයි යහපාලන.රජය කාලයේ මේ රටේ නිදහස් සෞඛ්‍ය අංගසම්පූර්ණ 100% ක නිදහස් සෞඛ්‍යයක් බවට පත්කළේ. අද ස්ටෙන්ට් එක දාන්න මිනිස්සුන්ට සල්ලි නෑ එක් ඔපරේෂන් එක කාලයක් ගිහිල්ලා නැත්නම් මරණය ල්ලි දාන්න සල්ලි නෑ කාරන සංත බද්ධය නැහැ ඒ නිසා ඉපදෙන දරුවෝ සදාකාලිකවම බිහිරි සහ ගොළු බවට පත්වෙනවා මේ තත්වයන් අද ඇති කරලා තියෙනවා සෞභාග්‍යය දැක්ම කරන්න ගිහිල්ලා. රණවිරුවෙක් ඕන කියලා ගිහින් කිසිම දෙයක් දන්නැති මනුස්සයෙකුට රට බාර දීලා මේ තත්ත්වයට අද රට පත් කර තිබෙනවා දෙනවා ඒ අතරේ මේ වගේ දූෂණ සිදුවෙනවා එදා මම ඉදිරිපත් කළ එන්නත් කරනයේ ඒ දූෂණ ඩොලර් 7ට තිබෙන සයිනෆාම් එක චීනයෙන් ඩොලර් 15 ගේනවා අපි අපි ඒ ගැන ප්‍රශ්න කළා ඊට පස්සේ කියනවා ඩොලර් 7ට ගෙනාවේ කියලා එයා මතු කරවන පස්සේ ඖෂධ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා අපි බොහොම සද්භාවයෙන් කළේ ඩොලර් 15 ට තියෙන එක ජනාධිපති කතා කරලා 7ට අඩු කරයි කියලා ඒ සියලු ලිපි ලේඛන ඖෂධ සංස්ථාවේ ලොක් කරගෙන කාටවත් බලන්න බැරි වෙන්න තියාගෙන ඉන්නවා ඇයි ඒ රහසිගතව තියාගෙන ඉන්නේ හොරකමක් නැත්තම් පාරදෘශ්‍ය විනිවිදභාවය තියෙනවා නම් ඕන කෙනෙකුට ඇවිත් බලා ඉන්න පුළුවන් කියන්න තිබුණා දැන් හොයනව මට ලිපි ලේඛන දුන්නේ කවුද කියලා. හොයන්න ඕන ඒක නෙමේ හොරකම් කළේ කවුද කියා ඒක ආණ්ඩුවක් උනාම කරන්න ඕන මෙච්චර ව්‍යයසනයක දී ජනතාවගේ මුදල් හොර කරල කාටවත් බලන්න බැරි වෙන්න යතුරු තියාගෙන කාටවත් දෙන්න එපා එළියට ආවොත් වගකියන්න ඕන කියලා කෙනෙකුට දීලා.
මම අහනවා දැන් GMO එක පාදෙණිය කෝ ඒ කාලේ මගේ පුරවැසිභාවය නැති කරන්න කිව්වා. අද රෝහල්වල බෙහෙත් නෑ ඔපරේෂන් කරන්න උදව් යන ඒවට නේද පුරවැසිභාවය නැති කරන්න ඕනේ කිව්වේ අද ඒකෙන් තේරෙනවා එක එක කොන්ත්‍රාත් කරපු ඒවා එහි පාඩුව විඳින්නේ මේ රටේ අහිංසක මිනිස්සු.