29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයකග

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයකග

නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 පෙබරවාරි මස 22 වන දින පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) හමුවිය.

පකිස්තානු නාවික හමුදා ප්‍රධානී ගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා 2022 පෙබරවාරි මස 21 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පකිස්ථානය බලා පිටත්ව යන ලද අතර, මෙම නිල සංචාර සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියද එක්ව සිටී.

නිළ සංචාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන් පකිස්තානු නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ශ්‍රී ලංකා නාවික හමුදාධිපති නාවික සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් ලෙස  පිළිගැනීමට පකිස්තාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි විසින්  කටයුතු කරන ලද අතර එහිදී, දෙරටේ නාවික හමුදාපති වරුන් කළාපීය ආරක්‍ෂාව සහ ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳව සුහද පිළිසඳරක නිරත විය.

තවද මෙම නිළ හමුව සනිටුහන් කරමින් පකිස්තාන නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments